IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අක්කර පහට වැඩි වතු හිමියන්ටත් පොල් පෝර සහනාධාරය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙතෙක්  පොල් පොහොර සහනාධාරය දුන්නේ අක්කර පහකට අඩු වතු හිමියන්ට පමණක් වුවත්  අක්කර පහකට වැඩි පොල් ඉඩම් හිමියන් සඳහාත් අක්කර පහක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රධාන වැවිලි බෝග සඳහා පස් අවුරුදු උපාය මාර්ග ප්‍රතිපත්ති හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා කීය.

"අප දූෂිත රාජ්‍යයක් ලෙස අල්ලස රජ කරපු රාජ්‍යයක්. පාතාල රාජ්‍යයක් ලෙස කිරුළු පළඳවන ලද්දේ හිටපු පාලකයන් විසිනුයි. වැරදිච්ච දේවල් නිවැරදි කරමින් අප රජයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටිනවා.මේ යන ගමනට ඔබේ ශක්තිය ධෛර්යය තවදුරටත් එකතු කරන්න.අනාගත පරපුර ක්‍රීඩාවෙන් බබලන තැනට පත් කරන්න අප සූදානම්.

එමෙන්ම අප වගා පුනරුත්ථාපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.ඇතැමුන් මහා පරිමාණ වතු අතහැර දමා තිබෙනවා.එහෙම කරන්න දෙන්න බෑ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

අක්කර පහට වැඩි වතු හිමියන්ටත් පොල් පෝර සහනාධාරය

Business Wednesday, 20 August 2025 02:56 PM

අපි අක්කර 5 ට අඩුයි. තවම නෑ පොහොර සහනාධාරය ලැබුනේ ... දැන් ගොඩක් කල් බලන් ඉන්නවා.

:       4       7

Eranda Herath Wednesday, 20 August 2025 04:13 PM

ෂො ්විතරයි...

:       1       6

de silva Wednesday, 20 August 2025 05:02 PM

පසුගිය වසර 10-15 තුළ ලංකාව පුරාම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින පොල් සංවර්ධන නිලධාරීන් සේවය නිසි ලෙස ඉටු කර නොමැත. එසේ කළා නම් මෙපමණ පොල් හිඟයක් රට තුළ ඇති නොවේ. මොවුන් වැටුප් ලබාගනිමින් නිකරුනේ කලය ගතකර ඇති බව පෙනේ... මොවුන් පසුගිය කාලය තුළ කලේ කුමක්ද කියලා විමර්ශනයක් කර බලන්න. තංගල්ලේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුබද්ද පොල් සංවර්ධන නිලධාරියාගෙන් වැඩනම් මෙලෝ රහක් නොමැත. සමහර විට රටපුරාම ඉන්න පොල් සංවර්ධන නිලධාරියෝ මෙහෙම ඇති...

:       0       12

de silva Thursday, 21 August 2025 07:17 AM

ගොවිජන සේවා මධ්‍යස්ථානයකට වැඩක් කරගන්න ගියාම අදාල නිලධාරියා ආසනේ සිටින්නේ සතියකට දිනක් හෝ දෙකක් පමණි. නිලධාරියන් පැමිණ උදේට පොත් අත්සන් කර කාර්යාලයෙන් පිටව තමන්ගේ පුද්ගලික වැඩ වල නියැලෙති.. කරුණාකර මේ සියලුම කාර්යාල වල ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. ක්ෂේත්‍රෙය් යන නිලධාරීන්ට GPS තාක්ෂණය අඩංගු රාජකාරි ජංගම දුරකථනය බැගින් ලබාදී ඒ ගොල්ලන්ගේ රාජකාරි වෙලාව තුළ ගමන් බිමන් අධීක්ෂණය කරන්න. බැරි කෙනෙකුට ගෙදර ඉන්න කියන්න. අවශ්‍ය ප්‍රමාණයකට වැඩිය 3 ගුණයක් රජයේ නිලධාරීන් ලංකාවේ සිටිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site