
මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙනම ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට යුවාන් මුදල් ඒකකයෙන් ආදායමක් නොලැබෙන බැවින් ලබා ගන්නා එම ණය ආපසු ගෙවන විට සංචිතයේ තිබෙන ඩොලර් චීන යුවාන් මුදල් ඒකකයට පරිවර්තනය කිරීමට රජයට සිදුවනු ඇතැයිද ආරංචි මාර්ග පැවැසුවේය.
එලෙස කටයුතු කිරීම සඳහා මුල් වාණිජ කොන්ත්‍රාත් ගිවිසුමට සංශෝධනයක් අවශ්‍ය වන අතර, ඒ සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් අනුමැතිය ද ඉල්ලා ඇත.
ණය මුදල යුවාන් මුදල් ඒකකයට වෙනස් කරන ලෙස චීන එක්සිම් බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම අනුරත් ප්‍රධාන කොටස්කරුවන් වෙච්චි යහපාලන ආණ්ඩුව දේශපාලන කුහකකම නිසා මධ්‍යම අධිවේගයේ වැඩ අතරමග නතර කළා. ඊටපස්සේ දේශපාලනෙන් මොලේ හේදුණු මෝඩ ගෑනියෙක් පණුකරඳ ගහක් අල්ලාගෙන බාධා කළා. එහෙම නොවුණා නම් දැන් යන වියදමෙන් විශාල කොටසක් ඉතුරු වෙනවා. අධිවේග මාර්ග වලින් හොරා කෑවා කිව්වාට අල්ලපු හොරෙකුත් නෑ...
ණය මුදල ඇමරිකන් ඩොලර් වලින් නොදෙන්නේ ඇයි?
අධිවේග හදන්නෙ මී කිරි ගේන්නද ? ඕවා වැඩක් නෑ. කරත්ත පාරවල් හොඳයි. කට උල් කර කර අත ගුළි කර කර...
ඕක නාමල් අවම අවුරුද්දෙන් ඉවර කරනවා. පුළුවන් නම් ලුණු ටිකක් ගෙනල්ල දෙන්න