IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

 කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයින් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ. ‍ෛ

එබැවින්, 2025 අයවැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

 මෙම ව්‍යාපෘතිය වසර 5 ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වී තිබේ. අදාල සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන්ගෙන් අය කළ යුතු පොළිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව 4%ක් වේ. ඒ අනුව, වසර 05 ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් 50,000 ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කරගත හැකි වන පරිදි අදාළ සහනදායි ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

කෘෂිකර්ම ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක්‍රමයක්

Iresha Dilhani Sunday, 24 August 2025 10:18 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site