IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හේෂා නඩුවකින් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද  (21) නියෝග කළාය.

නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නැතැයි හේෂා විතානගේ මහතා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

නඩුවේ සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇති බව මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දී තිබිණී.‍2ෙ

019 වසරේ නොවැම්බර් පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.ෙ

නඩුව කැඳවනු ලැබු අටස්ථාවේදී හේෂා විතානගේ මහතා අධිකරණයේ පෙනී සිටි අතර පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

විත්තිකාර හේෂා විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අවස්ථා දෙකකදී සිතාසි නිකුත් කර ඇතැත් ඔහු අධිකරණයට පැමිණ නැතැයිද නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නොමැති හෙයින් විත්තිකරු චෝදනා වලින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.


 

 



අදහස් (3)

හේෂා නඩුවකින් නිදහස්

ලක් අම්මා Thursday, 21 August 2025 04:29 PM

මටත් තියෙනවා නඩුවක්. ලිස්ට් එකෙන් නම කැපුවට.

:       1       7

ගමේ එකාලා Thursday, 21 August 2025 06:11 PM

තවත් නඩුවක් එයිද කියන්ඩ බැහැ. ලක් අම්මාව අන්දලා වටේ යවලා, ලැයිස්තුවෙන් නම අයින් කරපු එකට. ටීවී. නාළිකා ගානේ ගිහින් තම දුක ආසාධාරණය ගැන කියපුවා පව්...

:       1       5

Perera Friday, 22 August 2025 12:41 AM

ලක් අම්මගේ නඩුව නම් බලවන්නම ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site