(අංජුල මහික වීරරත්න)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් තුමන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරිණි.
මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනී පෙරේරා ශ්‍රී ලංකා කතෝලික සම්මේලනයේ සභාපති රදගුරුතුමන් සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියහ.


COMMENTS
සැඟවුණු මහමොලකාරයා ගැන අහලා නැද්ද දන්නෑ.
රටට ලොකු පණිවිඩයක් දෙන කතාකරන පින්තූරයක් සහ ප්‍රවෘත්තියක්...
මුහුණුවලින්ම පේනවා ඩීල් එක... ඔහොම යමු... අතීතයේ සිට අද දක්වාම ඔය ලෝගුව අස්සේ හිටියේ විස පොලොන්ගු... උඩින් ඔපේ... යටින් බෙනේ...
මොනවා වුණත්, මේ සාකච්ජාව අර අපේ කට්ටිය කරනවා වගේ විවිධ වරප්‍රසාද ලබා ගැනීමේ, රජයට ඔවුන්ගේ ආගම ආරක්ෂා කරලා දෙන්න වගේ මෝඩ කතා කියමින්, බඩ වඩා ගැනීමේ, දේශපාලන යටි අරමුණු ඇතිව කෙරුණු සාකච්ඡාවක් නොවෙන්න ඇති..!
පච නම් පච
කතෝලික පොලිස්පති කාදිනල් පත්කරනවා. කතෝලික සභාව ජනපති හමුවෙනවා. රටේ බලේ අල්ලන පල්ලියේ අරගලයෙන් ඇරඹි මෙහෙයුම තවදුරටත් ඉදිරියට යනවා
තකට තක වගේ...