
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙන බවකම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රේගු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීම සම්බන්ධව ප්‍රශ්න මතු කළා.ගිය වසරේදී රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1550 ක ඉලක්කයක් ලබා දීබුණා.මේ වසරේදී රුපියල් බිලියන 2115 ඉලක්කයක් ලබා දුන්නා.මෙච්චර ඉලක්ක වලට යන්න පුළුවන්ද? වාහන වලට විශාල වශයෙන් බදු ගහලා ආදී කතා කිව්වා.අතිරේක බදු ගහනවාට වඩා බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි වී තිබෙනවා.ගිය වසරේදී අප අදාළ බදු ඉලක්කයට ළඟා වුණා වගේම මේ වසරේදී තිබෙන රුපියල් බිලියන 2015ක ඉලක්ක නිසි අයුරින් සම්පූර්ණ කරමින් තිබෙනවා.මේ වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙනවා.ඒ කියන්නේ කලින් වසරේ එකතු කරපු අගයට ආසන්න වෙලා. ඒ සියල්ල එකතු කළේ වාහන වලින් නොවේ.ආදායම් එකතු කිරීමේ කාර්යක්ෂමතාවය අප ඉදිරියට ගෙනමින් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේගුවේ බදු එකතු කිරීම බිලියන 1316 පැනලා
de silva Thursday, 21 August 2025 04:48 PM
අහස උසට තීරු බදු ගහලා පුළුවන්ද නිෂ්පාදන ආර්ථිකයක් හදන්න? රටක් දියුණු කරන්න? අමුද්‍රව්‍ය ඇතුළු සියලුදෙයට ගහන මේ අධික තීරු බද්ද නිසා රටේ නිෂ්පාදන වියදම ඉහළ නිසා, ලෝක වෙළඳපලේ අපේ භාණ්ඩවලට අනෙක් රටවල භාණ්ඩ සමග තරග කරන්න බැහැ. මහා ලොකුවට පුරාජේරුව කියවනවා...
කැලණියේ නයාThursday, 21 August 2025 09:54 PM
යෝගා ද සිල්වද මේ?
බකල ජයා Thursday, 21 August 2025 09:50 PM
මීට කලින් ඕව බාගෙට බාගයක් ගෙවල්වලට ගියේ.