
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද පාරිභෝගිකයා විශ්වාසවන්තව විද්‍යුත් මෝටර් රථ මිලදී ගන්නවා. නමුත් ඒ සඳහා බැටරි ආරෝපණ මධ්‍යස්ථාන නැහැ. ඊළඟ අයවැයෙන් මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි.
ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත්. පුනර්ජනනීය බල ශක්තිය උපරිම වශයෙන් පද්ධතියට ඇතුලත් කොට එමගින් මෝටර් රථ චාර්ජ් කළ හැකි නම් එය ඉතා වටිනවා.මේ රටේ ප්‍රවාහන පද්ධතිය විද්‍යුත්කරණයට ලක් කිරීමෙන් අපට බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන්න හදන්න කිව්වාට නිකන්ම බැහැ. V240- ලෙවල් 1 චාජරයකින් චාජ් කළොත් මුලුමනින්ම චාජ් වෙන්න පය තිය හැටලිහක් යනවා. ඒ නිසා ලේබල් 2 චාජරයක්වත් අවශ්‍යයි. ඒකෙන් උනත් පය 4-5 යනවා. ලෙවල් එකේ චාජරයක් නම් ඉතාම ඉක්මනින් විනාඩි ගණනකින් චාජ් වෙනවා. නමුත් ලක්ෂ දෙතුන් සීයක් යනවා සවි කරන්න. ඔය වාහන ගෙනාවා වගේ නෙමෙයි, අන්තිමේ අපටම තමයි කෙළවෙන්නේ.
විදුලි කාර් එකකින්ර දුර ගමනක් යන්න ගිහින් සුදුසු ආරෝපණ ස්ථාන හොයගන්න නැතුව හොඳ පරිප්පුවක් කෑවා.
හොඳ අදහසක්... අලුත් දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ටිකක් ප්‍රශ්න එනවා. නමුත් මේ දේවල් කළ යුතුයි. නැතිනම් අපි හැමදාම එකම තැන.