IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇතැමුන්ගේ වැඩ නිසා සෞඛ්‍ය ගැන පැහැදීම නැතිවෙලා

(අංජුල මහික වීරරත්න)

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සමහර කණ්ඩායම් වල ක්‍රියාකලාපය නිසා ජනතාව තුළ පැහැදීම නැතිවී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා අඛණ්ඩව මහජනතාවට සේවා සැපයිය යුතු සේවාවක් බවද අමාත්‍යවරයා කීය.

පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි (Professions Supplementary to Medicine -PSM) සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිත පරිපූරක වෛද්‍ය විද්‍යාලවල (Paramedical schools attached to the National Hospital) පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ඒ අනුව මෙරට පරිපූරක වෛද්‍ය වෘත්තීන් හි උපාධිධාරීන්ගේ වෘත්තීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Cardiography), විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Electronurodiagnostic Technology), වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Occupational Therapy), විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Radiography) යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කෙරුණි.



අදහස් (3)

ඇතැමුන්ගේ වැඩ නිසා සෞඛ්‍ය ගැන පැහැදීම නැතිවෙලා

Hafiz Thursday, 21 August 2025 04:03 PM

වෙන කවුරුත් නෙවෙයි, IMF කීමට සෞඛ්‍ය ගැන බිල්ලො මවලා කඩාකප්පල් කරන්න හදන්නෙ මේ ගොං ඇමැතියම තමයි. රජයට තියෙන ලොකු බරකිං නිදහස් වෙන්න හිතාගෙන..

:       5       5

Perera Friday, 22 August 2025 06:04 AM

මේ අය වෛද්‍යවරුවන්ද, නැත්නම් භාගෙට වෛද්‍යවරුවන්ද.

:       0       0

Jayasekara Friday, 22 August 2025 09:14 AM

ඔහොම හිනා වෙලා පින්තූර අරගෙන ගෙදර රාමු කරලා එල්ලගෙන ... මහජන බදු මුදලින් උපාධි අරගෙන... එක එක සංගම්වලට බෙදිලා ඒට පස්සේ මහපාරේ වැඩ වර්ජන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site