IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉදිකිරීම් ක්ෂේත්‍රයට රාජ්‍ය ප්‍රතිපත්තියක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"ආර්ථිකයේ කොයිතරම් දුරට ශක්තිමත්ව ගලා ගෙන යනවාද යන්න පෙන්නුම් කරන ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුනාගත හැකියි. ඉදිකිරීම් ශක්තිමත් නම් ආර්ථිකය ශක්තිමත් බව හඳුනාගත හැකියි.නව රජය බලයට පත්වන විට ආර්ථිකය ස්ථායී කිරීමේ අභියෝගය පවතින බව අප දැනගත්තා. රුපියල ස්ථාවර කිරීම මෙන්ම පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන එන්නට අපට හැකි වී තිබෙනවා.ඒ වගේම නාස්තිය දූෂණය අවම කරන්න හැකි වී තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්ති තීන්දු කීපයක් ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.ඉදිකිරීම් සංවර්ධන පනත හෙවත් සිඩා පනත සංශෝධනය කිරීම සඳහා අප බලාපොරොත්තු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීම ඉතා ගැටලුවක් වී තිබෙනවා.අප ඒ කාර්යයද ඉටුකර ගැනීමට කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (1)

ඉදිකිරීම් ක්ෂේත්‍රයට රාජ්‍ය ප්‍රතිපත්තියක්

sunil Friday, 22 August 2025 05:06 AM

ඉදිකිරීම් ගැන කතා කරනවිට, ජලය හා පරිසර සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම් ගැන සලකා, නිවාස වලටද ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. එම ප්‍රතිපත්තියට අනුව, නිවාස සැලසුම් කිහිපයකට පමණක් සිමා කලයුතුයි. අපේ රටේ 100 දෙනෙක් ගත්තොත් සැලසුම් 100ක් හදනවා. පරිසරය කනවා. අනෙකා ගැන හිතන්නේම නැහැ. වහිනවිට, මාර්ග, වාරිමාර්ග කරන විධියට වත්තේ සියලුම වතුර පාරට හරවනවා. කොතරම් වැස්සත් පොලවට දිය බිඳක් උරා ගන්නේ නැහැ. දිනයක් දෙකක් පායන විට ඉඩෝරයක් නිර්මාණය වෙනවා. මේවා වැළක්වියයුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site