
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
අරලගංවිල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙලෙස මස් කිලෝ 15 සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් මහවැලි ජිප් රථය සහ තියුණු ආයුධයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා සහ රියදුරන් දෙදෙනා අලවාකුඹුර ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවකයින් බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම ජීප් රථයෙන් දිගු කලක සිට මුවමස් ජාවාරම සිදු කරගෙන ඇත්ද යන්න ගොස් පරීක්ෂණ සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී පැවසීය.
2025 නොවැම්බර් මස 04
162
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු