
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත.
එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු තවත් පෙත්සම් තුනක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.
කතානායකවරයාට මීට පෙරද පෙත්සම් තුනක් ලැබී තිබිණ.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තාමත් අතරින්න හිත නැහැ, තවත් නිකං කන්න බලන් ඉන්නේ.
ඔය අය තව ගොඩක් කල් ඉඳීද බලනකොට මේ කරන වියදමත් අපරාදේ වගේ...
ප්‍රජා අයිතිය නෙවෙයි... රජය අහෝසි කරන්නද හදන්නේ... මොන අයිතියක් ගැනද දන්නේ නෑ... හිටපු කට්ටිය දඟලන්නේ නේද?
මෙහෙමත් ජනාදිපතිවරු ලොවෙත් නැතුව ඇති. තවත් ජනතාවගේ මුදලින් ජීවත් වෙන්ඩ හදනවා? ලැජ්ජයි .
රටට පෙනෙන්න අයින් වූ දෙන්න නියෝජිතයන් මගින් නඩු දාලා වගෙයි
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36වන ව්‍යවස්ථාව අදාල වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36වන ව්‍යවස්ථාව ජනාධිපති හිමිකම් වලට අදාල වෙයි. රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36.2 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය වෙනස්. 36.2 අනුව්‍යවස්ථාව අනුව අතීතයට බලපාන පරිදි හිමිකම් කපන්න බෑ. ඒත් ඉංග්‍රීසි භාෂා පාඨය අනුව එහෙම දක්වා නෑ.
මුන් ජනාධිපතිවරු නෙවී, ජනාධිපතිහොරු.