සරණ ගුණවර්ධන 26 වැනිදා අධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (21) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. 21 September 2017
හදිසි පැල්මකින් කිරිඳි ඔයේ වතුරත් සිඳිලා බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට ඇදී ගොස් ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති. 21 September 2017
සාමාන්‍ය පෙළ අසමතුන්ට විෂය ධාරාවක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 September 2017
ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. 21 September 2017
උඩුවේ හිමිගේ නඩුව ඔක්තෝබර් 20 සිට විභාගයට සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 20 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය. 21 September 2017
මහ බැංකු සිද්ධිය යහපාලනයට කැළලක් - වමේ කේන්ද්‍රය අතීතය ගැන සොයා බලන ආකාරයෙන් වර්තමානය ගැනත් සොයා බලන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එය හැට දෙලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව බවත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 21 September 2017
පාසල් සිසුන්ට මත්පෙති විකිණු අයෙක් අත්අඩංගුවට පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශක පෙති තොගයක් මත්පෙති වශයෙන් පාසල් සිසුන් ඉලක්කකර අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු මත්පෙති 25,500 ක ප්‍රමාණයක් සමඟ අද (21) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 September 2017
ටිපර් රථ අනතුරින් අයෙක් මරුට මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 September 2017
සිව්දෙනකු මැරුවැයි තරුණයකුට මරණ දඬුවම් හතරක් ඵප්පාවල සදරැස්ගම එකම පවුලේ සිව්දෙනකු අත් පොරවකින් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පවුලේ ඥාති පුත්‍රයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (21) මරණ දඬුවම නියම කළේය. 21 September 2017
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඇතුළත් කොන්දේසිවලට ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් තමන්ද ඊට එකඟවන්නට කැමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානය ලිඛිතව අනුමැතිය පළ කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී සභාගත කළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වේ. 21 September 2017
නව ව්‍යවස්ථාවේ පදනම බෞද්ධ ප්‍රතිපත්ති -අගමැති බෞද්ධ ප්‍රතිපත්ති සහ මුලධර්ම පදනම්කරගනිමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 September 2017
මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි. 21 September 2017
‘උපරිම බලය බෙදීමකට ශ්රීලනිපය එකඟයි‘ නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් නමුත් ජනාධිපති ධූරයේ අවශ්‍යතාවද ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අදහස වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 21 September 2017
සයිටම් විරෝධයට පුත්තලමේ පාසල් වැසෙයි පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරු ඉගෙන්විම්වල නොයෙදි ආපසු යාම නිසා අද (21) පාසල් කටයුතු සම්පුර්ණයෙන් නැවතී තිබේ. 21 September 2017
පුත්තලමේ කුඹුක්ගස් 100ක් කැපීමේ විමර්ශන පොලිසියට පුත්තලම මනල්තිව් ග්‍රාමය හරහා ගලා බසින මීඔයේ අතු ගංගා දෙකක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ දෙපස පිහිටා ඇති වසර සියයකටත් වඩා පැරණි කුඹුක්ගස් 100ක් පමණ කපා දැමීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. 20 September 2017
පොලිසියකින් රුපියල් 25000යි බෝතල් 10යි පොලිස් දින උත්සය සඳහා වෙහෙසුණු පොලිසියේ 100කට පමණ සාදයක් පැවැත්වීම සඳහා ඌව පළාතේ පොලිස් ස්ථාන නවයකින් මුදල් සහ මත්පැන් එකතු කරන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි 20 September 2017
අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයකු වුවත් මෙරට නීතියට යටත් - බැඳුම්කර කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් විදේශිකයකු වුවත් ඔහු ලංකාවේ නීතීයට යටත් අයකු වන හෙයින් කොමිසම හමුවේ පෙනී සිට සාක්කි දෙන ලෙසට කොමිසම විසින් නිකුත් කළ සිතාසියට ඔහු අවනත විය යුතු බව බැඳුම්කර කොමිසම අද(20) නිවේදනය කළේය. 20 September 2017
විදුලි සේවක වර්ජනය අවසන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. 20 September 2017
මාස 11 දත්ත හෙට දවල් 12ට පෙර ඉල්ලයි බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකේ තොරතුරු නැති මාස 11ක කාලයට අදාල දත්ත හෙට (22) දහවල් 12.00ට පෙර කොමිසමට දැනුම් දෙන ලෙස කොමිසම අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නියම කළේය. 20 September 2017
පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. 20 September 2017
පොලිසියේ දෙන්නෙකුට ගිරිබාවේදී ගහලා ගංජා වැටලීමකට ගොස් සිටි නිකවැරටිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමකට අද (20) පස්වරුවේ ගිරිබාව බතලවැව ප්‍රදේශයේ දී පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිස් මුලස්ථානය කියයි. 20 September 2017
ගීතාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. 20 September 2017
වැටුප් වැඩිකළත් විදුලි සේවක වර්ජනය දිගටම විදුලි සේවකයන්ට වැටුප් වැඩිකළද වැටුම් වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිගත නොහැකි බැවින් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංවිම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 20 September 2017
මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න අහන්න කල් ඉල්ලයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා වෙනත් අයගේ සාක්කි සහ ලේඛණ අධ්‍යනය කිරීමට කල් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (20) කොමිසමෙන් ඉල්ලා සිටියේය. 20 September 2017
යාපනයේ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහර දීලා යතුරුපැදි වලින් පැමිණි පිරිසක් යාපනය නාවලර් පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පොලූවලින් පහර දී ඝාතනය කර ඇති බව යාපනය පොලිසිය කියයි. 20 September 2017
බෝට්ටුවෙන් නවසීලන්තයට යන්න හැදූ 28කට වැඩ වරදී නිතීවිරෝධී ලෙස බෝට්ටුවෙන් නවසීලන්තය බලා යමින් සිටි මඩකලපුවේ 28 දෙනකු ඉන්දූනිසියාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ආපසු ලංකාවට හරවා එවා ඇත. 20 September 2017
සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයක් හෙට මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය. 20 September 2017
හොර සහතික හා රියදුරු බලපත් හැදූ තිදෙනෙක් කොටුවෙති වත්තල, මාබෝල ප්‍රදේශයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත් හා අධ්‍යාපන සහතික තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 20 September 2017
උ‘මැද නිලධාරීන් තිදෙනකු කාමරයක සිර කරති උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා , පරිපාලන නිලධාරියා හා ගණකාධිකාරීවරයා එහි සේවකයින් විසින් කාරමයක රඳවා සිර කරනු ලැබ තිබේ. 20 September 2017
දුම්රිය වර්ජනය අත්හිටුවයි වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන දුම්රිය රියදුරු නියාමක ස්ථානාධිපති සහ දුම්රිය පාලක විසින් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක වර්ජනය අත්හිටවිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇත. 20 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026