(වතුපිටිවල එස්. යූ. ඩබ්ලිව්. කේ. ජයවර්ධන, ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය සහ නෑගම්පහ තිලකරත්න දිසානායක)
ශ්‍රී ලංගම බස් රථයක් සොරාගෙන යමින් සිටි පුද්ගලයකු එම බස් රථයද සමඟ සිකුරාදා (15) සවස අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. කැස්බෑව ”ශ්‍රී ලංගම” ඩිපෝවට අයත් මෙම බස් රථය ශිෂ්‍ය භට කණ්ඩායමක් කැඳවාගෙන ඒම සඳහා කැස්බෑවේ සිට වේයන්ගොඩ පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලය බලා යමින් තිබූ අතර කොළඹ-නුවර පාරේ අලූත්ගම බෝගමුව ප‍්‍රදේශයේදී රියැදුරා අවන්හලක් ඉදිරිපිට බස් රථය නවත්වා කොන්දොස්තරවරයාද සමඟ තේ පානය කිරීමට අවන්හලට ගොස් ඇත.
මේ දෙදෙනා තේ පානය කරමින් සිටියදී බස් රථයට ගොඩවූ පුද්ගලයකු බසය පණ ගන්වා එය මහනුවර දෙසට පදවාගෙන ගොස් ඇත. බස් රථය රැගෙන යනු දුටු රියැදුරා සහ කොන්දොස්තර ඉමහත් කලබලයට පත්වී අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඒ පිළිබඳව දැනුම්දී පෞද්ගලික බස් රථයක නැගී ලංගම බස් රථය හඹාගොස් ඇතත් ඊට කිට්ටු කිරීමට හැකිවී නැත.
මේ අතර පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් (119) නිට්ටඹුව පොලිසියට සිද්ධිය දැනුම්දීමත් සමගම වහා කි‍්‍රයාත්මකවී එහි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කිංස්ලි හේරත් සහ පොලිස් සැරයන් (30637) යසරත්න තෙන්නකෝන් යන දෙදෙනා පොලිස් යතුරු පැදියකින් බස් රථය හඹාගොස් තිබේ.
හොරගස්මංකඩ දං ඕවිට ප‍්‍රදේශයේදී බස් රථය නවතා ගැනීමට ඒ දෙදෙනා උත්සාහ ගෙන ඇතත් බස් රථය පොලිස් සංඥා නොතකා දිගටම ධාවනය කිරීම නිසා දං ඕවිට හැලගල ප‍්‍රදේශයේදී යතුරුපැදියෙන් පාර හරස්කොට බස් රථය නවත්වා එහි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂකවරයා සහ සැරයන්වරයා සමත්වී ඇත.
සැකකරු කෑගල්ල යට්ටෝගොඩ පදිංචිකරුවකුවන අතර බරවාහන පැදවීමේ රියැදුරු බලපත‍්‍රයක් ඔහු සතුව නොතිබූ බවද පොලිසිය කියයි.
මොහු මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බව පෙනී යන බවද පවුලේ පිරිසසමඟ විනෝද ගමනක් යාම සඳහා බස් රථය සොරාගත් බව ප‍්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ බවද පොලිස් නිලධාරීහු පැවැසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී නොතේරෙන භාෂාවකින් කතා කරමින් ”විසිල්” ගසා සිනාසෙමින් අසාමාන්‍ය ලෙස හැසිරෙන්නට පටන්ගත් බවද පොලිසිය කියයි.
බස් රථ සොරකම සිදුවූයේ ගම්පහ පොලිස් බල ප‍්‍රදේශයේ නිසා සැකකරු සහ බස් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා ගම්පහ මූලස්ථාන පොලිසියට භාරදුන් බවත් නිට්ටඹුව මූලස්ථාන පොලිසිය කීය.
බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ මෙහෙයවීම යටතේ ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසූරිය මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද මානසික තත්වය වෙෙද්‍ය පරීක්ෂණ මගින් සොයා බලයි... නමුත් දැන් ඉන්න ලංකාවේ ප්‍රවීන රියදුරන්ට වඩා හොඳටම මන්ද මානසික අය රිය ධාවනය කරන බවක් පේන්න තියෙනවා... කිසිදු අනතුරක් වෙලා නැහැනේ පොලිසිය පන්නලත්...
හොරකම ඉගෙන ගන්න... අපේ දෙවෙනි ලොක්ක සහ සමනල සමාගමෙන්. පරම්පරාවම හොරු තමයි.
මේකට රියදුරුගේ වැඩ තහනම් කල යුතුයි. මොකද වහනයක් නවත්තලා යනවා නම් යතුර අරන් යන්න ඕනේ. මේක වැරදිලවත් මගීන් හිටියා නම් මේ මනුස්සය ඕක අරන් ගිහින් කොහෙට හරි පෙරලුවා නම් එහෙමත් නැත්නම් පාරේ යන මිනිස්සු යට කලානම් වග කියන්නේ කව්ද? ඕනෙම මොහොතක වාහනයක් නතර කරලා යනවා නම් කවුරු වුණත් එය වෙනත් කෙනෙකුට පණ ගන්වන්න බැරි විදියේ ආරක්ෂක උපක්‍රමයක් අනුගමනය කල යුතුයි. විශේෂයෙන් පොඩි ළමයි වාහනේ ඉන්දැද්දී යතුර තියලා යන්න එපා. ඔවුන් එය කරකවන්න පුළුවන් හන්දා බ්රේක් ලිහිල් කරන්න පුළුවන්. ඒ වගේම එන්ජින් එක පණගන්වා තිබියදී රියදුරන් බැහැලා යන අවස්ථා තියෙනවා. සියළුම පොදු ගමන් සේවාවන්ට චක්රඛයකින්ම මේ උපදෙස් ලබා දීම සුදුසුයි.
සම්පත්, ඉස්සර නම් එකම ලංගම බසයකටවත් යතුරු තිබුනේ නැහැ. කලාතුරකින් බසයකට ස්ටාර්ට් ස්විච් එකක් තිබුනත්, බහුතරයක් ස්ටාර්ට් කලේ ස්විච් එකට එන වයර් දෙක ගාවලයි. ඒ හැර බස් වල එන්ජිම දුවද්දී රියදුරන්ට බැහැලා යන්න සිදු වෙන්නේ ඒවා තල්ලු ස්ටාර්ට් නිසයි. එක්කෝ ස්ටාර්ටර් මෝටරයක් නැහැ. එහෙම නැත්නම් මෝටරේ කැඩිලා. ඒත් නැතිනම් බැටරිය අබලන්. උදේට ඩිපෝ එකේදී වෙනත් බැටරියක් අල්ලලා හෝ වෙනත් වාහනයකින් ඇදලා ස්ටාර්ට් කරලා දුන්නාම මුළු දවසම එන්ජිම නවත්වා ගන්නේ නැතිව දුවනවා. ඒකට පිළියම චක්‍රලේඛනයක් නොවයි. හොඳට චාජ් එක අල්ලන බැටරියක් හෝ වැඩ කරන තත්වයේ ස්ටාර්ටර් මෝටරයකුයි.
සැකකරු බොරු ඇක්ටින් පාරක් දැම්මද කියලා සොයා බලන්න. මන්ද මානසික පුද්ගලයෙක්, මෙසේ බස් රථයක් සොරාගෙන මෙහි සඳහන් කර ඇති පරිදි ධාවනය කරා කීවාම බොහෝ දේවල් සිතට නැගුණි.