මහේෂ් කීර්තිරත්න
මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි.
නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි.
ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල් රෙදි බෙදුවානම් හාමුදුරුවන්ගෙන් වත් සපෝට් එකක් ගන්න තිබුනා
චන්දයක් එනකොට නැති බැරිකම අදායම අඩුකම ඔක්කම පෙන්න පටන්ගන්නවා.
පසුගිය ජනාධිපතිවරණයේ දි ලක්ස්මන් සිල් රෙදි බෙදුවා...
බියර් මුදලාලි හාල් පොත් බෙදන්නේ නැතිව, ඡන්දෙට බියර් බෙදුවා නම් මීට වැඩිය හොඳයි.
ඔබලා සතුටුවෙන්න... අපේ රටේ ජනපතිලා ගැන. මහින්ද මහතා ඉන්නකොට මුළු මාතලේ පළාතේම ලොක්කා වෙලා එතනෝල් බෙදුවා. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මේ පුද්ගලයාව මාතලේ ප්‍රධාන සංවිධායක කරලා එතනෝල් නීත්‍යානුකුල කලා. ජරා වැඩ කරලා හරක්ට කන්න සල්ලි තියෙද්දී අහිංසක මිනිස්සු රවට්ටන්න ඕනෙම පහත් වැඩක් කරන තක්කඩි තමයි..
මගේ නම් මතය මේවා මැතිවරණ නීතියට පටහැනි වුණත් යහපත් දේවල්... ඔය කාගෙන් මොනවා ගත්තත් ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙන්නේ තමන් පරම්පරාවෙන් හුරු වෙලා තියෙන පක්ෂයකට සහ පරම්පරාවකටයි. අන්තිමේ අර දරුවන්ට පොත් ටික නැති වුණා විතරයි. නත්තල් සීයා එන්නේ ඡන්ද කාලෙටද දැන්?
බලය ගන්න කලින් සිල් රෙදි පොත්පත්? ලැබුණට පස්සෙ එතනෝල්වලින් සලකයි. මේ වගේ විෂබීජ නසන්නේ නැතුව තවත් පතුරවන්න අනුබලය දුන් ජනපතිට ජයවේවා..!!!
ඉඩෝරයක්, නියඟයක් තිබුණා නම් වතුර බෝතල් ටිකක්වත් බෙදන්න තිබුණා. කොහෙද ඉතින් එහෙම තත්ත්වයක් නැහැනේ. බොන්න වතුර ටිකක් දෙන එක ඡන්ද අල්ලසක් නෙවෙයි නේද?
එතකොට අර ජනාධිපති තුමා එක එක අයට ඇමතිකම් දෙන්නේ ඡන්ද වාසි ගන්න නෙමෙයිද? නැත්නම් එ්ක ජනපති බලතලවලට අනුව නීතිවිරෝධී නැද්ද? දුප්පත් ළමයෙකුට නව පාසල් වාරයට නොමිලේ පොත් ටිකක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් නැති වුණා.
එක පැත්තකින් ඇල්කොහොල් බෙදලා දරුපවුල් විනාශ කරන අතරම ඡන්දෙ කිට්ටුව පොත් බෙදලා ඒ අයගෙම ඡන්දෙ හොරකම් කරන්න හදනවා. ඡන්ද දායකයිනි ඔබේ ඡන්දය හොරුන්ට සහ අපරාධකාරයින්ට පාවිච්චි කරන්න එපා.
පසුගිය වසර තුනක පමණ කාලයක් තිස්සේ නොන්ඩි ගසමින් ඇවිදින යහපාලන රජයේ මේ ඇමතිවරයා මීට කලින් මෙම අසරණ පවුල්වල දරුවන් දැක්කේ නැද්ද? සමහර විට හොඳ නැකතක් නොතිබුණද දන්නේ නැහැ මේ අඩු ආදියම් ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවය පවත්වන්න !! පොතේ තිබුණේ "ඡන්ද පොරොන්දු ඇතුළත් 'ගජබින්න අලංකාරයේ' මුල් කොටසද ?" කොහොම වුණත් "පොත දාන්න" ගිය එකෙන් පහර වැදුනේ අසරණ දරුවන්ටයි !!