(මාවනැල්ල සමන් විජය බංඩාර)
පුද්ගලයෙකු සමග ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අරණායක සාමගම පුනා පොකුණ විහාරාධිපති හිමිපාණන් වහන්සේ සහ උන් වහන්සේගේ ගිහි දායකයන් දෙදෙනෙකි.
ඒ අනුව කැපුම් තුවාල ලැබු හිමියන් ඇතුලු අනික් දෙදෙනා අරණායක දිසා රෝහල වෙත ගම්වැසියන් විසින් ඇතුළත් කර ඇති අතර ගිහි පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.
මෙම ගැටුමෙන් පසුව සැකකරු පලා ගොස් ඇති අතර එම පුද්ගලයා අද ( 17 ) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හාමුදුරුවරුන්ගේ ජීවිතත් අවදානමේ. මාධ්‍යය ඒවා පළ කරන්නේ හරියට හාමුදුරුවො අනිත් කෙනාට පිහියෙන් අනින්න ගිය ගාණටයි. අනේ මන්දා ඉතින්...
මා දන්නා නායක හාමුදුරුවරු බහින් බස් වෙන තැනකට ගිහින් කතා කර "මොකද මේ සද්දේ" කියා ඇසුවොත් උත්තර දෙයි " නෑ අවසර අපේ පොඩි කතාවක සද්දේ ටිකක් වැඩිවුණා කියල නිශ්ශබ්ද වෙනවා. දැන් ටිකක් වෙනස් වාගෙයි.
ගිහාන් මොනවද මේ කතා කරන්නේ? මේ ගෝරිය ගැන නම් මම අගක් මුලක් දන්නේ නැහැ, එනිසා ඒ ගැන යමක් කීම අපහසුයි. එ්ත් අද දවසේ සාසනය පිරිහී තිබෙන තත්වය පොදුවේ බැලුවම මේ දේශපාලු හාමුදුරුවරුන්ගෙන් පමණක් නොවෙයි, අවස්ථාවාදී චීවරධාරීන්ගේනුත් ජනතාවට බේරිලා ඉන්නයි සිදුවෙලා තියෙන්නේ! ඔබ හිතන විදිහට උන්නාන්සේලට ජීවිත ආරක්ෂාව සඳහා තුවක්කුව බැගින් දිය යුතුද? සමහරු සිවුරු පෙරෙව්වට පිළිවෙත් වලින් සංඝයාවහන්සේලා නොවෙයි. දැන් සමහරු දන්නා ධර්මයක් නැහැ.