ඒකාබද්ධ විපක්ෂයේ බාධා මැද පාර්ලිමේන්තුව කල් තබයි අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් සභාව මැදට පිවිසීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය. 20 September 2017
ලලිත්ට- අනුෂට ඇප පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. 20 September 2017
නැවත යුද්ධයක් ඇති නොවීමට ජනපති සියලු දෙනාගේ සහාය ඉල්ලයි ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා සියලු රජයන්වලින් අද(20) ඉල්ලීමක් කළේය. 20 September 2017
රස පරීක්ෂකට යැවූ ගිනි අවි 40 පාවිච්චි නොකළ ඒවා පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයාට යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැන්වීය. 20 September 2017
දුම්රිය සේවකයෝ අද රෑ සිට වර්ජනයේ වැටුප් විෂමතා ගැටලුව සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය දක්වා දුම්රිය රියදුරු නියාමක පාලක සහ ස්ථානාධිපතිවරු බදාදා (20) මධ්‍යම රාත්‍රී සිට පැය 48 ක වර්ජනයකට එලඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය 20 September 2017
මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. 20 September 2017
ලංවිම සේවකයන්ගේ පඩි වැඩිවේ ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ද ලබා දීමට ලංවිම අධ්යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ. 19 September 2017
බන්ධනාගාරය රෝහලට වෙනම නීතියක් බන්ධනාගාර රෝහල තුළ සහකාර වෛද්‍යවරුන්ගේ අධිකාරියක් පවත්වාගෙන යාමට උත්සහකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප්‍රකාශ කරයි. 19 September 2017
වාහන අමතර කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට කොළඹ නගරයේ තැන තැන නවතා තැබෙන වාහන සොරාගෙන ගොස් පංචිකාවත්ත සේන මාවතේ මහල් නිවාස සංකීර්ණයේ ඇති ගරාජයේ සඟවා ඒවායේ කොටස් ගලවා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනක් සංවිධනාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 19 September 2017
වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. 19 September 2017
‘එකට කෑවත් බැඳුම්කර තොරතුරු බෑණට කීවේ නෑ‘ තමන් තමාගේ දියණිය හා බෑණා සමග එකම මේසයක හිඳ සෑම රාත්රීයකදීම ආහාර ගත්තත් කිසිම දිනෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු හෝ බැඳුම්කර තොරතුරු පිළිබඳව සාකච්ඡා කර නැතැයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (19) පැවසීය. 19 September 2017
කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් බස්නාහිරදී සම්මත වෙයි බස්නාහිර මහඇමති ඉසුර දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කරනු ලෑබු කෝටි 758ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (19) බස්නාහිර පළාත් සභාවේ දී ඒකමතිකව සම්මත විය. 19 September 2017
දින 18කට පසු කසුන් පලිසේනගේ සාක්කිය අවසන් බැඳුම්කර කොමිසම හමුවේ දීර්ඝතම සාක්කිය ලබාදෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා දින 18ක් පුරා ලබාදුන් සාක්කිය අද (19) අවසන් කළේය. 19 September 2017
අපුර රෝහල් සුළු සේවකයෝ වර්ජනයක අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවා පාලිකාව විසින් එම රෝහලේ වෛද්‍යවරකුට මහත්මයා කියා ආමන්ත්‍රණය කිරිමෙන් පසුව එම වෛද්‍යවරයා අද (19) දින පෙරවරුවේදි අසභ්‍ය වචනයෙන් බැන වැදුනේ යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් රොහල් කණිෂ්ඨ සේවකයන් අද (19) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ. 19 September 2017
‘අතුරුදන් පනත යළි ඉදිරිපත් විය හැකියි‘ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත 21වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැතැයි ආණ්ඩුව කරන ප්‍රකාශයෙන් හැඟෙන්නේ එය ඉවත් කර නොගත් අතර අනාගතයේ දී යළි ඉදිරිපත් විය හැකි බව යැයි මව්බිම වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා නිති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඩී. රොද්‍රිගු මහතා ප්‍රකාශ කළේය. 19 September 2017
මියන්මාර් රජයට සහාය පළ කරන උද්ඝෝෂණයට අතුරු තහනමක් සිංහල බෞද්ධ සංවිධාන 17ක් එකතුව මියන්මාර් රජයට සහාය පළ කරමින් අද(19) කොළඹ විහාර මහා දේවි උද්‍යානය අවට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අතුරු තහනම් නියෝගයක් පැනවීය. 19 September 2017
අරුන්දික විපක්ෂයේ අසුන්ගනී හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. 19 September 2017
රැකියා විරහිත උපාධිධාරීහු උ‘මැද සභාව වටලති රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද (19) සභා රැසවීම පැවැත්වෙන අතරතුරදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල වැටලූහ. 19 September 2017
20ට ජනමත විචාරණයකුත් ඕනෑ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 19 September 2017
විදුලි සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වෙයි විදුලි සේවක වර්ජනය පිළිබඳව කම්කරු,වෘත්තිය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා ගේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. 19 September 2017
බන්ධනාගාර සැරයන්වරුන්ගෙන් ස්වාමිනාදන්ට පැමිණිල්ලක් ගම්පොළ සහ හැටන් බන්ධනාගාර සිරමැදිරි වලට ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් සිටියදි කනිෂ්ඨ සැරයන්වරුන් එම තනතුරු සදහා හිතවත්කම් මත පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ පුනරුත්තාපන අමාත්‍ය ඩි.එම් ස්වාමිනාදන් මහතාට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සැරයන්වරුන් පැමිණිලි කර තිබේ.. 19 September 2017
අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සාක්කි දීම සඳහා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද (19) පැමිණියේය. 19 September 2017
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය හෙට (19) නිව්යොර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය අද (18) පස්වරුවේ නිව්යොර්ක් නුවර එක්සත් ජාතීන්ගෙ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. 19 September 2017
නිතිවිරෝධීව ප්ලෙඩියම් ලෝහ ගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට රත්තරන් හා සමාන වටිනාකමකින් යුත් ප්ලේඩියම් නැමති ලෝහ වර්ගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 19 September 2017
අතුරුදන් පනත කල්දමයි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබේ. 18 September 2017
ලංවිම සේවකයෝ කම්කරු ඇමැති හමුවෙති විදුලි සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා සමඟ මේ වන විට කොළඹ කම්කරු අමාත්‍යංශයේ නිශේෂ සාකච්ඡාවක නිරතවෙති. 18 September 2017
ජනපති සමඟ ඇමෙරිකා යන්න ෆොන්සේකාට වීසා නෑ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 18 September 2017
හිටපු නියෝජ්‍ය ඇමැති වික්ටර් අත්අඩංගුවට නාකුලාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට නවසීලන්ත රටේ රැකියාවක් දෙන බව කියා රුපියල් තුන් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බියන්විලගේ ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා අත්අටඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 September 2017
අපුර සුසාන භූමි භාරකරුවන් යළි රිමාන්ඩ් අදාහනය කිරීම සඳහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා සංවිධානාත්මකව ඉතා සූක්ෂම අයුරින් රාත්‍රී කාලයේ වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම සුසාන භූමියේ පාලකවරයා සහ සහායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා යළි තරයේ ප්‍රතික්ෂේප කළේය. 18 September 2017
කරාපිටිය වෛද්‍යවරියක් ඩෙංගුවලින් මරුට ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියගොස් ඇතැයි වාර්තාවේ. 18 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026