(ඩයනා උදයංගනී)
ශ්රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
‘ශ්රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්රී ලංකා වන රැවියා, ශ්රී ලංකා පිට තඹලයා, ශ්රී ලංකා සිළු කවුඩා’ යන කුරුල්ලන් මෙම මුද්දර පෙලින් නිරූපණය කර තිබේ.
සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර වාර්ෂිකව නිකුත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මුද්දර හෙට (16) දිනයේදී නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම මුද්දර රුපියල් 4.00, 10.00, 15.00 සහ 35.00 යන වටිනාකම්වලින් යුක්ත ඒවා බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතෙකුගේ මුද්දරයක් නිකුත් කරොත් නරකද???????
මම ජපන් හයිකු කවියක් ලිව්වා. අකුරු 5,7.5 ජනාධිපති සියලුම ප්රශ්න විසඳුනා...
ඊ මේල් තාක්ෂනය නිසා මුද්දර භාවිතය බොහොම අඩුයි.. ඒ වගේම දැන් ළමයි මුද්දර එකතු කිරීමේ විනෝදාංශයට නැත. දැන් ළමයි කිසිම විනෝදාංශයනකට නැති තරම්ය. ඉස්සර අපිට කොපමණ විනෝදාංශ තිබුණාද? බබල්ගම් සමග ලැබෙන ඇමරිකානු ගොපලු කොල්ලන්ගේ කව්බෝයිස් රූප පවා එකතු කළා.
ලස්සන මුද්දර ! මගේ මුද්දර ඇල්බම් එකක් තුල 70 වසර තුල නිකුත් කරන ලද මීට සමාන මුද්දර කිහිපයක් මට හමුවුණා. මේවා ඒවායේ කොපිද? එක වෙන ප්රශ්නයක්. විදෙස් රටවල ජීවත්වන මා වැනි අයට ශ්රී ලංකා මින්ට් මුද්දර ලබාගැනීමට ක්රමයක් කියා දෙන්න කවුරුවත් සිටිනවා නම් ගොඩක් ස්තුතියි !!!
මෙවැනි මුද්දර එකතුවක් නිකුත් කිරීම ඉතාම කාලෝචිතයි. හැබැයි මෙයින් රුපියල් 4.00 මුද්දරය කාගේ හරි බඩ වඩාගන්න කරපු වැඩක්. මොකද මේ වටිනාකමට තැපැල් ගාස්තු නැත. මෙහි වටිනාකම රුපියල් 5.00ක් කරන්න. ඒ වගේම මෙම මුද්දර හැකිතරම් ඉක්මනට මහජන භාවිතයට එවන්න. මොකද දැනට වෙළඳපළට නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සමරු මුද්දරත් කාගේ හරි බඩ වඩාගන්න කරපු වැඩක්. මොකද මේ මුද්දර වර්ණ 4 භාවිතා කොට තනි පාටකින් සහ අප්රසන්න පෙනුමකින් යුක්තයි.
මෙම සිහිවටන පත්රිකාව මිලදී ගත හැකිද
මෙම මුද්දර මෙම සතියේ තැපැල් කාර්යාල මගින් ලබා ගත හැකිද?