පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.
ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහය පළකිරීමට එක්විය.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමිත් ගාමිණිත් වරදක් නෑ....
ඡන්ද කාලේ සිල් රෙදි බෙදපු එක වැරදියි. තනතුරු බෙදන එක නිවැරදියි?
ඇමතිකන් දෙන්නේ හරියට අතින් පයින් යනවා වගේ. ඒ වියදමුත් මේ රටේ අහිංසක ජනතාව පිට.
මෙයාල මෙහෙම පක්ෂ මාරු කරන්නේ අවංකවම රටට නැත්නම් ජනතාවට ආදරේටද ?නැත්නම් එයාලගේ පෞද්ගලික වාසිතකා කලදුටු කළ වල ඉහගන්නද ?
ගිනස් වාර්තාව අලුත් කරලද?
ඕකට තමයි පැන්නේ.
මේ බව අපි දන්නවා . මේක මාස ගණනාවක කුමන්ත්‍රණයක්......ලැජ්ජා නැති අය...
අපි හිතුවා හරි. ඕකට තමයි පැන්නේ.
දන්සල පටන්ගෙන වගෙයි.
පනින රිලවුන්ට ඉනිමන් බැදීමක්.............
පැන්න හැටිය අමාත්‍ය ධුරයක් ..... ඕක වෙනස් කරනකන් රට හදන්න බෑනේ..... ඕකද යහපාලන වෙනස ? කිසිම වෙනසක් නැහැනේ.........
ඡන්ද කාලේ පත්වීම් දීම කොතරම් සදාචාරාත්මකද ජනාධිපතිතුමනි!!!!
මුන් මොන බයිලා කිව්වත් පඬුරු, පාක්කුඩම් තනතුරු තමයි ඕනේ. ඒකයි ඇත්ත.
මේ විජ්ජාව ආයෙත් පටන් ගත්තද ??ෙ
මහින්ද මහත්තය කියනවා යන්නේ හොරු කියල . ගම්මපිල මහත්තය කියනවා යන්නේ සල්ලිවලට කියල . යන අය කියනවා යන්නේ රට ජාතිය ගැන හිතල කියල . මොකා හොරාද, මොකා පගාකාරයද , මොකා දේශ ප්‍රේමියද කියල දන්නේ කව්ද ?
මේවාත් අල්ලස් ගණයට යායුතුයි. පක්ෂයක හෝ කල්ලියක බල තුලනය සඳහා මොවුන්ව නඩත්තු කිරීමට මහජන මුදල් භාවිතා කලයුතු වෙනවා. මේකද බලාපොරොත්තු වෙච්ච යහපාලනය ?
මේකා රටට කිසිම ආදරයක් නැහැ .
පනින්නාට හම්බවේ රාජ්‍ය ඇමතිකම්............
මේ රටේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකම් මේ ගොල්ලන්ට හොදයි. මේ මෑතක සියලුම දේශපාලකයෝ අපේ රට විනාශ කලට වග කියන්න ඕන....
පැනන්ට කමක් නැහැ හැබැයි පැනපු ගමන් ඇමතිකම් දෙන්න බැහැ කියලා නිතියක් සම්මත නොකරන්නේ ඇයි? වාසිතකා පනිනවා. ඒකාලෙත් කිව්වේ දෑත් ශක්තිමත් කරන්න පැන්නා කියලා. දැනුත් එහෙමයි. පැනපු ගමන්ම ඇමතිකමක් ඕනේ. මහජනතාවගේ සල්ලි වලින් දේශපානය කරන හත්මුතු පරම්පරා යැපෙනවා. අපි වැඩකරනවා. බදු ගෙවනවා. එයාලා සැප විදිනවා
අනේ ඕකවත් තේරෙන්නේ නැද්ද? රටට ආදරේට කියලා. ඇමතිකමක් නිලවාහන /ඉන්ධන/ නිල නිවාස/ රියදුරන් /පිටරට සංචාර/ ලේකම්වරු /දුරකථන/ අවුරුදු 5 න් විශ්‍රාම වැටුප්/ යන නොකි දේවල් නැතුව කොහොමද රටට සේවය කරන්නේ?
පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුනනම් ඉවරයිනේ එවිට අපේ රට ගොඩ..................
පොදු අපේක්ෂකයාගේ යහපාලනය මරු නේද? හිටං බෙදන්නේ ගෙදරින් ගෙනත් වගේ. වෙනස සැපද?
සැමවිටම අප දැක්කේ "පක්ෂ සහ පාට " මාරුකලේත් , කරන්නෙත් ඒ ඒ " අයගෙ" පුද්ගලික වාසියට මිස රටට සේවයක් කිරීමට නොව. අපි අභියෝග කරනවා මිස ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේම කිසිදු වරප්ප්‍රසදයක් ලබන්නේ නැත, කිසිදු වැටුපක් ගන්නේ නැත, " බුරුවන්, හරකුන් තේරීම තරගයට තම නාමයෝජනා පත්‍රයට ඇතුලත්කලාසේ.
විලි ලැජ්ජාවක් නැතුව ඇඳුම් අඳන් මේවා බාරගන්නවනේ අම්මපා. අපිනම් මෙයා කවුද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් රටේ කෙනෙක්. මෙහෙමත් රටක්. මෙහෙමත් දේශපාලකයෝ රැළක්. මෙහෙමත් ඡන්ද දායකයෝ ඉන්න රටක්....
අනේ මේ දෙගොල්ලොම එකයි. තමන්ගෙ වාසියට ඇමතිකම් දෙනවා අපේ සල්ලි වලින්. දැන්වත් නිකමට වගේ ජවිපෙට දීලා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවේ 225 න් එකසිය ගානක් අට පාස් නැති සා/පෙළ සමත් නැති අය අදටත් ඉන්නවා. හැබැයි ෆයිල් අරගෙන ඇවිත් මහා ලොකු උගත්තු වගේ ක්ෂණික කරුණු ගැන පවා කතා කරනහැටි දන්නවා වගේ. මේ නිසා කඳ, බඩ සමත් ගොන් මැට්ටන්ට වඩා ටිකක් හරි මොලයක් තියෙන හොරකම් නොකරන ජවිපෙට බැරිවෙන එකක් නැහැ හරියට වැඩක් කරන්න. අද ඇත්තටම ඕනේ හොරකම් නොකරන, නීතිය හරියට ක්‍රියාත්මක කරවන පක්ෂයකි. හිත හදන්න ඕනෙත් නැහැ වෙන මුකුත් ඕනෙත් නැහැ. තියෙන ටික හරියට ක්‍රියාත්මක වෙනවා නම් සෑහෙන අල්ලස්, දූෂණ වගේ දේවල් අඩුවෙනවා.
මෙම පාදඩ දේශපාලන සංස්කෘතිය ලංකාවෙන් අතුගාදමන්නේ කවදාද? මේ අයත් කරන්නේ ජරාජීර්ණ අල්ලස් ක්‍රමවේදය ඉදිරියටම ගෙනයාමයි.
වෙනසක් නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. එහේ ඉඳන් ආපු කෙනානේ. ඉතිං බුද්ධිමත් ඡන්ද දායකයිනේ වෙනසක් දැනෙන්නේ නැත්නම් මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට ඡන්දය දීලා වැඩක් නැහැ. බහුතරය ජවිපෙට කැමතියි. හොඳයි කියනවා. ආවොත් නම් රටට සෙතක් වෙයි කියනවා. හැබැයි පුරුද්දට වගේ ඡන්දය දෙන්නේ නිල් හරි කොල හරි. අනික් රටවල් එහෙම නැහැ. රට දූෂණයෙන් පිරිලා නම් අපි ඡන්දය පාවිච්චි කර එය වෙනස් කළ යුතුයි. කවුරුවත් කියනවට නෙමෙයි තමන් සිතා බලා හරිහමන් අයෙකුට ඡන්දය පාවිච්චි කළ යුතුයි. අද තියෙන්නේ ජේ.ආර්. ගේ යූ.එන්.පී. යවත්, බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා එකවත් විජේවීරගේ ජවිපෙවත් නෙමෙයි. එහෙම විය යුතුත් නැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් විය යුතුයි. අද තියෙන රටේ තත්වය බලලා අද තියෙන දේශපාලනය දිහා බලා තිරණ ගතයුතුයි.
අද මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය එදාට වඩා බොහොම වැඩියි. එ් නිසා මේවගේ අයට හැරෙන කොට දන්නවා මොකාටද එන්නේ කියලා.
ගරු ජනාධිපතිතුමා රට ගැන හිතලා වෙන්න ඇති මේ පත්කිරීම කලේ... මෙච්චර එකඑක ජාතියේ ඇමතිවරු ඉන්දැද්දී. ඒ වගේම මේක ඡන්ද ගන්න දෙන අල්ලසක් නෙමේ වෙන්න ඇති. බඩු බෙදුවොත්නේ අල්ලසක් වෙන්නේ...
තමන්ගේ මන්ත්‍රී තනතුර බේරගන්න තවත් විශාල පිරිසක් ඉදිරියේදී මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග එකතුවෙනවා. කවුරුත් මරාගන්නේ රට හදන්නවත් ජනතාව ගැන බලන්නවත් නෙවේ ඔය මන්ත්‍රී තනතුර සඳහායි.
මෙහෙම කුණු බැනුම් අහලා ඇමතිකම් අරගෙන මොකටද? අනික ජනතාවගේ සාප වදිනවා මහජන මුදල් ගන්නවට සහ දෙනවට තමන්ගේ වාසිය තකා.
හිටන් හුටන් නාටක. රට බල්ලට ගිහින්. මහජන මුදල් කාබාසිනියා කරන ජඩ දේශපාලනය.
අද තියෙන්නේ ජේ.ආර්. ගේ යූ.එන්.පී. යවත්, බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා එකවත්, විජේවීරගේ ජවිපෙවත් නෙමෙයි. එහෙම විය යුතුත් නැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් විය යුතුයි. කියන කතාවනම් මසුරන් වටිනවා.
ඇතැම් ඒවා පිළිකුල් සහගතයි.. ශ්‍රී ලංකාවට සුබ පැතුම් !!!
මෙයා සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, නමුත් ඇමති තනතුරු දෙන්නේ සමුහ ආණ්ඩුවෙන් එහෙම කරන්න පුළුවන්ද?
මහින්ද මහතා, ඔබත් රජයට එකතුවන්න... එවිට අගමැතිකම ලැබේවි.
අනේ මෙහෙම රටක්. 62ක් රටට කළ විනාශයක්. ආණ්ඩු පක්ෂයෙන් භාගයකට වැඩිය ඇමතිවරු....
තව කෑම තියෙනවා. එන අයට විතරයි...
මේ වතාවේ හොර ජඩ දේශපාලනය නතර කරන්න... ජනතාවනේ..., ඔය ඉවසුවා හොඳටම ඇති නේද? ලංකාවට යන කලදසාවට අපිට හරිම කණගාටුයි.
මේවා දකිනකොට නම් රටගැන හරිම කණගාටුයි. අපි ඉන්නේ කොළඅතු අල්ලන්නද කියලා හිතෙනවා.
මේක කාලකන්නි රටක් වෙලා ඉවරයි... හෙන ගහනවා මේ කරන අපරාධවලට නම්...
ගණන් ගන්න එපා ආණ්ඩුව මාරු වුණොත් මෙයා අාපහු දිනපු පැත්තට මාරු වෙනවා. ඔහෙලාට තේරෙන්නේ නැද්ද? මහින්ද එහෙම නොවුණොත් රටේ සංවර්ධනය ඇණ හිටිනවා මේ ගොල්ලන් ඇඳුම් අදින්නේ ශරීරය කැත හින්දයි.
හනේ හනේ, අප්ප්ගෙන් ලැබුන බුදලයක් වගේ බෙදල දෙන හැටි.
අකලට වන් මහ වරුසාවක් සේ‘ අසුබ දිනක ආ සුබ දසුනක්සේ මා හැර ගිය ඔබ ඇයි ආවේ ( ජනාධිපති නොදන්නවාට අපි දන්නවා එළදෙන හැරෙන්නෙ පොල් ගනන් යවන්න කියලා)
මේ අදහස් දැකපුවාම හිතෙනවා පළමු ඡන්දයෙන්ම වැඩ බැරි නිකමුන්ට වෙනදේ? අවසානයේ අපේ සල්ලි, රටයි, , සම්පත් ටිකයි, වනාන්තර ටිකයි ඉවරයි. මේ වැඩ බැරි සෙට් එක එක්ක යහපාලනය හදන්න ගිය භික්ෂූන් වහන්සේලාත් මේවාට වග කියන්න ඕනැනේ. බිභික්ෂූන් වහන්සේලා නොදන්න දේශපාලන හදන්න කලින් දැනගත යුතු බුද්ධ ධර්මය හරියට ප්‍රගුණ කරනවද?