ඉන්දිකා රාමනායක
පළාත් පාලන මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී උසස් පොලිස් නිලධාරීන් 24 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පිරිස අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව්දෙනකු ,පොලිස් අධිකාරිවරුන් තිදෙනකු, සහකාර පොලිස් අධිකාරිවරුන් හයදෙනකු සහ ස්ථානාධිපතිවරුන් 11 දෙනකු සිටින බව පොලිස් මුලස්ථාන උසස් නිලධාරියකු පවසයි.
පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ජාතික පොලිස් කොමිසම මෙම ස්ථානමාරුවීම් කි‍්‍රයාත්මක කර ඇති බව එම උසස් නිලධාරියා කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතාගෙන් කළ විමසුමකදි ඒ මහතා පැවසුවේ මෙම ස්ථාන මාරුවීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය අනුව සිදුකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමසාරිස්වරයා අනුමැතිය ලබාදී පොලිසියේ සමහරුන්ට ස්ථානමාරු ලබාදුන්නා කියන්නේ එක්කෝ මීට පෙර ඡන්ද මගඩිවලට උදව් කරපු අය නැතිනම් සමහර කලබලකාරී ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂාවට වෙන්න පුළුවන්. මොකද සමහරු එනවනේ සිරිසේන වගේ ඇඳගෙන...
අරණායක පොලෝසියේ මාරු කරන්න....