අනීෂා මානගේ, චන්ද්‍රසේන ගමගේ
ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය තංගල්ල රැකව ප්‍රදේශයේදී ආරම්භ කළ කකුළු ව්‍යාපෘතියකට විරෝධය දැක්වු ප්‍රදේශවාසීන් හා ඊට සහය දැක්වු පිරිසක් අතර අද (14) ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ව්‍යාපෘතිය මිලියන 600ක වියදමින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය රැකව ප්‍රදේශයේ ආරම්භ කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් උත්සව සභාව අසලට රැස් වී සිටියහ. එහිදී උත්සව සභාවේ සිටි පිරිස විරෝධතාකරුවන් දෙසට අලි වෙඩි හා රතිඤ්ඥා පත්තු කර දැමීම නිසා දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් හට ගත්හ.
මෙහිදී උත්සව සභාවේ සිටි පිරිස විරෝධතාකරුවන්ට පොලු වලින් පහර දීම් සිදු වූ අතර දෙපිරිස අතර ඇතිවූ ආරවුල දුරදිග යාම හේතුවෙන් විරෝධතාවයට සහභාගී වූ එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදු විය.
පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ගැටුම්කාරී තත්වය සමථයකට පත්විය. තංගල්ල පොලිසිය මේ සම්බණ්ධයෙන් පරික්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විරෝධතාවය මොන අරමුණකින්ද කියලා පැහැදිලි නැතත් දැනට පේන විදියට හැමදේකටම විරොධතාවය දක්වන ප්‍රවණතාවයක් පේනවා. ඒකට කරුණු දෙකක් හේතු වෙනවා. එකක් බොරු සත්ව හිංසාව... අනිත් එක බොරු පරිසර හිතකාමිත්වය.. අපේ රටේ මිනිස්සු මේ දෙකේදිම අවංක නැහැ. එහෙම අවංක නම් මෙච්චර හරක් සහ කුකුල්ලු මැරෙන්නේ නැහැ. අනෙක ඒවා නිකම් බොරු මතයි. පාණාතිපාතා ශිල්පදය රැක්කා කියලා අමුතු හොඳක් වෙලා තියෙනවද? දෙවියෝ අපිව රැකල තියෙනවද? එහෙනම් මස් සඳහා සත්වඝාතන වෙන බටහිර රටවල් නැතිවෙන්න එපායැ? ඒ අය බොරු මත නැති නිසා දියුණුවෙලා තියෙන්නේ, අනික පරිසරයට ආදරේ නම් මගදිගේ කුණු මලු තියෙන්නේ ඇයි? ගෙදර කුණු හොඳට බෑග් වල දාල කට බැඳලා පාරට ගෙනත් දාන කාලකන්නි ජාතියක් 2500 ක වංශෙ කබල් ගෑවාට වාහනේ බුදු පිළිම තබා පාරට කුණු මලු දාන බෞද්ධයෝ ඉන්න, සල්ලිවලට බණ කියවන බණ අහන ජාතියක් බවට පත්වෙලා...
මේ වගේ ව්‍යාපෘති පටන් ගන්න කොට ප්‍රදේශවාසින් කල් ඇතුව දැනුවත් කල යුතුව තිබුණා. එහෙම කළා නම් මේ වගේ අවුල් ඇති වෙන්නේ නැහැ.
ගෙදර කුණු හොඳට බෑග් වල දාලා කට බැඳලා පාරට ගෙනත් දාන, බටහිර ගැති සෙනෙවියෝ ටිකක් ඉන්නවා. ඒත් අඩු වැඩි වශයෙන් සත්ව අවිහිංසාවාදියෝ ඉන්නවා. එ් නිසා බටහිරට කහින්න යන්න එපා...