(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.
මෙම තහනම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විරෝධතා ඉදිරිපත් කළත් නිකුත් කොට තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ගැනීමට තරම් කොන්දක් ඕකුන්ට නැත. ගෝඨාට ජයවේවා! රුහුණු පුතාට ජයවේවා!
හොරු ටික ඔක්කොම තහනම් නියෝග ගත්තා නම් හරි...
කෝටි ගණනක මහජන මුදලින් අම්මා තාත්තාට සොහොන් හැදුවා නම්, රටේ ජනාධිපති වුනානම් මොනවා නොකරයිද?
රුහුණු පුතාද? මොන පුතාද කියලා අදාලම නැහැ. හොරකමක්, වංචාවක් කරලා නම් එයා අහවලාගෙ පුතාද කියලා බලන්නේ මේ දිවයිනේ විතරයි. මේ අයගේ දේශපාලන ඩීල් පොඩි මිනිහට මේ නීතිය අදාල නැද්ද? තාත්ත නැතිනම් පුතාව අරන් යන අමන නීතියක්..
වැරදි කරලා නැති නම් ඇයි විභාගය නවත්වන්නේ? එක්කෝ නඩු දමන්න හේතු නෑ කියලා හොයා ගනී. නැත්නම් නඩු පැවරුවට පස්සේ නිදහස් වෙයි. තහනම් නියෝග ගන්න අවශ්‍ය නෑ.
රන්ජන් රාමනායක මහතා කියූ දෙය සහතික ඇත්ත.
ආ මේ පොදු දේපල කේස් එකට විතරයිනේ...
නීතියට කුමක් වීද? පොඩි කෙනාට එක නීතියක්.... අනෙක් අයට තව නීතියක්...
සමහරුන්ට සොහොන් කැපුවට හදන්න බැරිවුනා නේද?
ලංකාව පිහිටලා තියෙන්නේ ඉතියෝපියාවේද?
ලියන්න දේ එමටයි... එ්ත් නොලියා ඉන්නවා ලීවත් දාන්නේ නැති නිසා හොඳේ. හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නාක් මෙන් හොරු හොරුන්ට කියනවා. එයාලව අත්තඩන්ගුවට ගන්න එපා. හිරේ විලංගුවේ දාන්න එපා කියලා... මෙහෙම වෙනකොට රටකට මොනවා වේවිද?
හොරකම් කරන සංස්කෘතිය මහා පරිමාණයෙන් පටන් ගත්තේ 77න් පස්සෙයි. ඔය කොයි කවුරුත් ඇති වෙන්න සප්පායම් වුණා. අදත් වෙනවා. එ්ක හෙටත් වෙනවා. හැබැයි අපේ රටේ තිබුණු එකම ප්‍රශ්නයක් හරි විසඳුවේ මහින්ද රාජපක්ෂ මහත්මය විතරයි. එ්කට ඔහුට අනුබල දුන්නේ ගෝඨාභය මහත්මයයි. ඔය අත්අඩංගුවට ගන්න වලි කන පොලිස් නිලධාරීන් අද ජීවත් වෙලා ඉන්නෙත් එතුමාට පින්සිද්ද වෙන්න... කොටින්ම කියනවා නම් ඒ කාලේ උද්ඝෝෂණය කරන්නවත්, කවුරුත් එළියට බැස්සේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ කාරයින්ට බයේ. ඔබතුමා දුක්වෙන්න එපා. හැමෝම කෙලෙහි ගුණ නොදන්නා මිනිස්සු නෙමෙයි. මේ හදන්නේ එන්ජිඔ කාරයෝ සතුටු කරන්න ඔබතුමා හිරේ ගියත් ඒ යන්නේ රටට කරපු සේවයටයි..
ඔයතරම් රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇමෙරිකන් පුරවැසිකම අයින් කරගෙන බය නැති කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න.
බය නැති කම පෙන්නන්න පුරවැසි කමෙන් වැඩක් නෑ. ඉතාලියේ හෝටල්, කුස්සිවල වැඩ කෙරුවා කියලා ලංකාව ගැන කතා නොකර ඉන්නවයැ... අනිත් එක ලංකාවේ මෑත ඉතිහාසයේ කාටවත් කරන්න බැරි වුණු වැඩක් තමයි ඔය කරලා පෙන්නලා තියෙන්නේ. දැන් ඉන්න උන්නැහේලාට තියෙන්නේ බල බල ඉන්න විතරයි.
මේ දෙගොල්ලන්ගේ නීති ඒ අයව රකිනවා වගේ...
එතුමාට ඇමෙරිකන් පුරවැසිභාවය තියෙන එකත් ලොකු දෙයක්. අපේ රටේ ගුණමකුවන්ට අමතක වුණුදාට යන්න තැනක් තියෙන්නත් එපැයි.
කොළඹ නගරේ නෙළුම් පොකුණේ කොන්ත්‍රාත් ගොඩක් ලන්ඩනයේ වේලි වේලි අතේ සතේ නැතුව චාටර් වුණු කෙනෙක්ට ඒ වැඩ බාරව කටයුතු කල ලන්ඩනයේ සිටි ජෙනරාල් වරයකු හරහා දුන්නා හිතවත් කමට. ඔහු දැන් කොළඹ ඉන්න කෝටිපතියෙක්. ඔන්න නගර සංවර්ධනේ තරම.
දකුණු කකුල ඇමෙරිකාවේ තියාගෙන වම් කකුලෙන් අපිට කොකා පෙන්නලා ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න මිනිහෙකුට ලයික් දමන මැටි මෝල්ලුන්ගේ මොළ පැදෙන්නේ ලංකාව ඇමෙරිකාවේ වහල් දේශයක් උනාට පස්සේ කියලයි මටනම් හිතෙන්නේ.
අනේමන්දා ශ්‍රී ලංකාවේ ඉන්නේ අන්ද ගොළු බිහිරෝද ?
මොහු කෙතරම් හොඳද කියන්නේ එක්තරා මදාවි දේශපාලකයෙකුට වෙඩි වැදිලා රෝහලට ගෙනෙනවිට ඉස්සෙල්ලාම පැමිණියේ ඔහු. ලෙඩාට නිසි ප්‍රතිකාර කිරීමට රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය පවා මාරු කරා. ඉන්පසු ලෙඩාට නිසි ප්‍රතිකාර ලබාදීමට ඉක්මනින්ම සිංගප්පුරුවටත් ඇරියා. ඉන් නොනැවතී ලෙඩාගේ ව්‍යාපාරවලට බාධා කරයි කියලා සිතු ගොඩක් අයටත් වග කිව්වා. රට්ටුන්ට මේවා මතකයි.
මෙයා සොහොන් ගැන හරි ප්‍රසිද්ධයිලු නේද?
මේ වගේ සහන රටේ වංචා දුෂණ කරන හැම එකෙකුටම ලේබෙනවද මේවා රටකට ඇත්තටම නරක පුර්වාදර්ස
මෙයාට ඉස්සර මිනිස්සුන්ගේ පිළිගැනීමක් තිබුන. මිනිස්සුන්ට පෙන්නන්න බැරුව ගියේ 30 වසරක යුද්දය ඉවර කරලා දීපු ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කරපු කෙනෙහිලිකම් නිසා.
ගොඩක් අයට මතක නෑ. කලින් අයත් හොරකම් කළා. ඒ විතරක් නෙවෙයි අහිංසක මිනිසුන් දස වද දීලා මැරුවා. ඒ අයත් අල්ලලා හිරේ දාන්න ඕනෑ.
ගෝඨාභයලා රටට කරලා තියෙන දේවල් හැටියට අපේ සල්ලි ගත්තට කමක් නැහැ. ඒ අයට කියල යහතින් ජීවත් වෙන්න ඕනේ නැද්ද? රජ කාලේ රජ්ජුරුවන්ට ඕනේ නම ඕනෙම ගැහැණියෙක් වුණත් ගන්න පුළුවන්... ඇයි දැන් බැරි? ඒ ගොල්ලන් රජ පවුලේ ය. ඒ අයට ඕනෙ නම් අපේ දුවලා වුණත් තියාගන්න පුළුවන්. අපි සිංහල ලෝකයේම ශ්‍රේෂ්ඨ ජාතිය, රජ පවුලට කරන්න බැරිනම් කාටද පුළුවන්...?
පූජිතයි, ශානුයි දෙන්නම ඩොලර් කාක්කන් තමයි. එන් ජී ඕ කාරයින්ගෙන් යැපෙන රටට ආදරයක් නැති අය බව කවුරුත් දැන ගත යුතුය.
මේ අදහස් පල කරන සමහර අය ලෝකේ තියන රටක හරි නගරයක නමක් දානවා. තමුන් ඉන්නේ අහවල් තැනයි කියල පෙන්නන්න හැබැයි කරන රස්සාව දාන්නා නම් ලැජ්ජයි වගේ. සමහරු ඉන්නේ ලන්ඩන් වල... ඒ වුණාට යර්ස් නොකියනවට වැඩිය දෙයක් දන්නේ නෑ. කැලිෆෝනියාවල සැන්ටා මොනිකා කියන්නේ ගොවිපොළවල් විශාල වශයෙන් තියෙන තැනක්... වැඩි හරියක් තියෙන්නේ හරක් ගොවිපොළවල්. මැක්සිකන් මිනිස්සු තමයි ඒ වගේ වැඩ කරන්නේ... අපේ අය කරන්නේ මොනවද කියල මං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
මේ රටේ තරම් කෙළෙහිගුණ නොදන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැ. ගොඨාභය හිරේ දාන්න ලොකුම වුවමනාව තියෙන්නේ LTTE එක ශක්තිමත් කරපු රට බෙදන්න දඟලන අයටයි.
ගෝඨාභයට යම් පිළිගැනීමක් තිබුණානම් එය ඇති වුනේ හිටපු ජනාධිපතිගේ සොහොයුරෙක් වීම නිසා නොව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග ත්‍රස්තයින්ට විරුද්ධව කළ සටනේ දැක්වූ සුසංයෝගයයි. ගෝඨාභයට වඩා මහින්ද, නාමල් හා බැසිල් වැරදි කළත් අදත් මහින්ද මත්තේ මැරෙන්න මිනිස්සු සිටීම අදහාගත නොහැකි දෙයක්. ඒ වැරදි ආකල්පයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට ගෝඨාභයටත් සිදුවන්නේ ඔහු රාජපක්ෂ පවුලට අයත් වීම නිසාම නොව, ඔහු අනාගත ජනාධිපති වෙයි කියා මහින්ද රාජපක්ෂ පවුලට තිබෙන බිය නිසයි. ගෝඨාභයට විරුද්ධව අති මහත් සංඛ්‍යාවක් මෙහි අදහස් පලකරන්න හේතු වී ඇත්තෙත් එම සාධකයමයි. අප මේ ලියූ දෙයට අත් වන්නේත් ඒ ඉරණමමයි.