(කාංචන කුමාර ආරියදාස)
සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසෙකටත් පමණ කාලයක් ගත වී ඇතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙක් හෙළි කළේය.
එන් .කේ .ඒ. ගනුෂ්ක තෙරාජ් මහතා පැවසුවේ කිතුල්හිටියාව උළුකැට වැව පාර කැකිරාව ලිපිනයේ පදිංචිව සිටි නෙල්කා දීපානි කුමාරසිරි යන තම මව 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස ගිය බවයි.
පසුව ඇය 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී සේවය කළ නිවසේ ඇයට වැටුප් ලබා නොදී එහි සිරකර ගෙන සේවය ලබාගත් බව සඳහන් කළේය.
පසුව 2014 වසරේ මාස ගණනාවක් යන තුරු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ විට තමන් දැඩි වෙහෙසක් දරමින් මව සෙවීමේ කටයුතු සිදු කළ බව සඳහන් කළේය.
පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින් පහලට ඇඳ වැටී අසනීප තත්ත්වයේ එරට රෝහලක සිටින බව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.
එදා සිට 2017 වසරේ 11 වැනි මාසය දක්වාම තම මව අසනීප තත්ත්වයෙන් හෝ මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා ලිපි ලිව්වද විෂයභාර ඇමැතිවරුන් හමු වීමට අවස්ථා ගණනාවක් ගියද අඩුම තරමේ ඇමැතිවරියක් ඇමැතිවරයෙක් මුණගැසීමට වත් අවස්ථාවක් නොලැබුණු බව ඔහු පවසයි.
එසේ රෝගාතුරව සිටි තම මව පසුගිය නොවැම්බර් මාසයේ 13 වැනි දා මිය ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි අය දුකක් පවක් කණගාටුවක් කියන දේ දන්නෙ නැති, තෙල් නැතිනම් තවම සත්තු. පඩි නොදී බිල්ඩිමෙන් තල්ලු කරන්න ඇති. යවන්න එපා ඔය සත්තු ඉන්න රටවල්වලට.
පාලකයනට අවශ්‍ය විදේශ විනිමය පමණයි. ජන ජීවිත ගැන කැක්කුමක් නැහැ. අනිවාර්යයෙන් තල්ලු කරලා දාන්න ඇති. තිරිසන් ජාතිය.
මතු භවයකදී මෙවන් දුකකට පත් නොවේවා. සසර ගමන කෙටි වී ඉක්මනින්ම නිවන් සුව අත්වේවා යැයි ප්‍රර්ථනා කරමි.
මමත් ඔය රටේ නිවාඩුවකට ගිහින් ආපු කෙනෙක්. මහම මහා සත්තු ඉන්න රටක්. පාරේ හිඟා කන එක සැපක් ඔය රටේ දුක් විඳිනවට වඩා.
මේවා පින් පමුණුවල විතරක් හරියන්නේ නැහැ. මේවා සහගහන අපරාධ... රටේ මහා අයට ඕනෑ ජනතාව මොනවා කරලා හෝ සල්ලි එවන එක විතරයි. ඒ අය පිනුම් ගහන්නේ අපි දුක් විඳලා විඳලා සොයන තුට්ටු දෙකෙන්... නිකන් එහෙ මෙහෙ අවිද්දට මේවාට විසඳුම් සොයන්න බැහැ. එ් ගොල්ලෝ කරන්නේ අපෙන් එයාර් පොර්ට් එකෙන් කොල්ල කන සල්ලි වලින් ලෝකේ වටේ රවුම් ගහන එකයි. මේවට නියම දේශපාලන විසදුම් ඕනෑ...
කෝ ඇමැතිවරු? ඔච්චර ලොකු පුතෙක් ඉන්දැද්දී අම්මා මොකටද රට යැව්වේ?