අධ්යක්ෂවරුන් නැතිව නාමල්ගේ නඩුව විභාගයට ගනී හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු නොමැතිව නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (18) තීරණය කළේය. 18 September 2017
යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජිනීවාහිදී උද්ඝෝෂණයක් රට ජාතිය එක්සේසත් කළ රණවිරුවන්ට නගන යුද අපරාධ චෝදනාවලට එරෙහිව පවත්වන දැවැන්ත උද්ඝෝෂණයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 24වැනිදා පස්වරු 1ට පැවැත්වීමට නියමිතය. 18 September 2017
අර්ජුන් මහේන්ද්‍රන් හෙට බැඳුම්කර කොමිසට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා ඔහු අඟහරුවාදා (19) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. 18 September 2017
ප්‍රසන්න ඇතුළු 6කට වරෙන්තු කොළඹ නගර සභාව මගින් කොළඹ නගරයේ කසල කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට ලොරි මගින් රැගෙන ඒමේදී පිවිසුම් මාර්ගය අවහිර කීරම ඇතුළු චෝදනා 6ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු හය දෙනකුට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(18) වරෙන්තු නිකුත් කළේය. 18 September 2017
වැලිකඩ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (18) දැනුම් දුන්නේය. 18 September 2017
කසල තේ තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට ඩුබායි බලා අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ 28,000 ට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 18 September 2017
මාරක ළිඳේ සිටි සිවුදෙනෙක් රෝහලට හොරණ වගවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති සැනකෙලියක මාරක ළිඳ දර්ශනයකදී එහි පැදිකරු වේගය වැඩිකිරීමට යාමේදී බයිසිකලය ලිස්සා ගොස් අසල සිටි ළමයින් තිදෙනකුගේ ඇඟේ වැදී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. 18 September 2017
කතලුවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ අහංගම කතලුව පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස් මහල් ගොඩනගිල්ලක් අද (18) උදෑසන කඩාවැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා ඇති බව අහංගම පොලිසිය පවසයි. 18 September 2017
පොළොන්නරු බන්ධනාගාරයේ සැකකරුවෙක් මරුට පොළොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු අද (18) අලුයම 2.30 ට පමණ බන්ධනාගාරයේ වැසිකිලියක කාණුවක් තුළ වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව රැගෙන විත් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. 18 September 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ ගුරුවරයාටත් ඇප රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිට කිරිමට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරා රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (18) නියෝග කළේය. 18 September 2017
ජනපති ඇමරිකාවට ළඟාවෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (18) පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟා විය. 18 September 2017
වැලිඔය සිද්ධියේ තව 4 ක් පොලිස් දැලේ කේරළ ගංජා වැටලීමක් සඳහා වැලිඔය ජනකපුර ප්‍රදේශයට ගොස් සිටි පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මුදාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 September 2017
කිලිනොච්චියේ පහක් තියුණූ ආයුධ වලින් කපලා කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු පස් දෙනෙක් තියුණූ ආයුධ වලින් කපා දැමූ සැකකරුවන් පිරිසක් යුද හමුදා කඳවුරක් හරහා පැන යාම නිසා ඉරිදා (17) රාත්‍රියේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයක් පාලනය කළ බව කිලිනොච්චිය පොලීසිය කියයි. 18 September 2017
පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය. 18 September 2017
වීසා නැතිව සිටි ඉන්දීය ජාතිකයන් 4 ක් අත්අඩංගුවට විසා සහ විදේශ ගමන් බලපත්‍ර නොමැතිව බණ්ඩාරවෙල නගරයේ කෝවිලක් අසල රැදී සිටි ඉන්දියානු ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය කියයි. 18 September 2017
බ්‍රිතාන්‍ය සයිටම් පිළිනොගන්නා හේතුව හෙළිවේ ශ්‍රී ලංකාවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය උපාධිය බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රකාශිකාවක වන නතාලියා කනන්ස් පැවසීයැයි බීබීසීය වාර්තා කරයි. 17 September 2017
විස්ස නැත්නම් ඡන්දය දෙසැම්බර් 9 විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස නව වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 17 September 2017
දින හතරකින් විදුලිය නෑ - වීරගොඩ වැසියෝ කනස්සල්ලෙන් විදුලි වැඩ වර්ජනය නිසා දින හතරක් තිස්සේ තමන්ට විදුලිය නැතැයි කියමින් අම්පරේ විදුලි පාරිභෝගිකයෝ පිරිසක් වීරගොඩ විදුලි පාරිභෝගික මධ්‍යස්ථානය අද පැමිණියහ. 17 September 2017
විස්ස ගැන අදහස ආණ්ඩුව අතහරී සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේ. 17 September 2017
පොලිසියට ගැසීයැයි 18ක් සැකපිට කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වැලිඔය ජනකපුර ප්‍රදේශයේ දී පහර දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මුදාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැපටි 18 දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 17 September 2017
සයිටම් හිමිකාරිත්වය වෙනස් කරන්න නිර්දේශ සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ. 17 September 2017
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය 21 රැස්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මේ මස 21 දා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු වාර්තා සභාගතකිරීමට නියමිතය. 17 September 2017
පළාත් සභා තුනක කාලය සැප්තැම්බරයෙන් අවසන් සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා තුනේ නිල කාලය මේ මස අවසානයත් සමඟ නිමවීමට නියමිතය. 17 September 2017
කසිප්පු - සිගරට් එක්ක චීන්නු 4ක් අල්ලයි ග්රෑන්ඞ්පාස් මහවත්ත ප්‍රදේශයේ නිවසක කුලියට රැදී සිටිමින් නීති විරෝධී මත්පැන් පෙරීම ඇතුළු ජාවාරම්වල නිරත වෙමින් සිටි බව කියන චීන ජාතිකයින් සිව් දෙනකු අද (17) ගෝඩා සහ නීති විරෝධී සිගරට් සමග අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 17 September 2017
විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් හෙට (18) පෙරවරුවේ සිට සතියක් පුරා කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 17 September 2017
විදුලි වර්ජනය තවදුරටත් වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදෙනතුරු විදුලි සේවක වර්ජනය අඛණ්ඩව සිදු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘ලංකාදීපයට‘ පැවසීය 17 September 2017
සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 17 September 2017
’වෙන්නප්පුව සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක වංචාවක් ’ වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක චෙක්පත් වංචාවක් අභ්‍යන්තර විගණන පරික්ෂණයකදි හෙළි වි ඇතැයි එහි සාමාජිකයින් මෙන්ම එහි සේවකයෝ පිරිසක් පෙන්වා දෙති. 17 September 2017
තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි. 17 September 2017
විදුලිය දෙන්න යුද හමුදාවේ 765ක් සූදානම් විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති විදුලි වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට විදුලිය ලබා දීමේ කටයුතු සඳහා යුද හමුදාවේ 765ක් සුදාමින් සිටින බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රෝෂාන් සෙනවිරත්න මහතා පවසයි. 17 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026