විහාරස්ථානයකට ඇතුළුවීයැයි හිමිනමක් අත්අඩංගුවට විහාරස්ථානයකට අයුතු ඇතුළු වීයැයි අරණායක ප්‍රදේශයේ රජ මහා විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 September 2017
සල්ලි මල්ල හොරාගත් නාවික සෙබළා අල්ලයි පුත්තලම රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් පාර්සලයක් සොරකම් කළැයි කියන නාවික හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 15 September 2017
හිඳගොඩ දිය බුබුල සිඳීයාම භූමි විපර්යාසයක පෙරනිමිත්තක්ද ඉතිහාසයේ කිසිම දිනක නොසිඳුන බව කියන රජ දවස සිට පැවත එන දිය උල්පතක් වන බදුල්ල හිඳගොඩ බුබුල දිය උල්පත සිඳීගොස් ඇත. 15 September 2017
කිඹුලාට ගොදුරුවූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාගේ සිරුර හමුවෙයි පානම කුඩාකල්ලිය හැඩඔය කලපුවේ බැස සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව ඩැහැගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ (24) සිරුර අද(15) පෙරවරුවේ සොයාගත් බව පානම පොලිසිය කියයි. 15 September 2017
පිංකැටයට විද්ද ලාන්ස් කෝප්රල් කොටුවෙයි තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පිං කැටයක් කඩා එහි තිබු රුපියල් 4000කට ආසන්න මුදලක් සොරකම් කළේ යැයි කියන සිද්ධියකට එම විහාරස්ථානය ඉදිරිපිට හමුදා කඳවුරේ සේවය කළ ලාන්ස් ක්රොප්රල්වරයෙකු මැදවච්චියේදි අත් අඩංගුවට ගත් බව තන්තිරිමලේ පොලිසිය පවසයි. 15 September 2017
මානව හිමිකම් අතින් ලක් රජය ඉදිරියට ඇවිත් - යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජය මානව හිමිකම් , පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර තවත් ඇතැයි යුරෝපා සංගමය සඳහන් කර ඇත. 14 September 2017
දිස්ත්‍රික් ලේකම්ට විරෝධය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට එරෙහිව පුද්ගලයෙක් විරෝධතා පුවරුවක් සහිතව නුවරඑළිය දිසාලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය. 14 September 2017
විදුලි වර්ජකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් වැඩ වර්ජනයේ යෙදීසිටින විදුලිබල සේවකයින් සමඟ සාකච්ඡාකිරීමට සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩවර්ජනයේ යෙදීසිටින සේවකයින්ට දැනුම්දී තිබේ. 14 September 2017
යමුනා ගඟේ බෝට්ටුවක් ගිලී 19ක් මරුට ඉන්දියාවේ යමුනා ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් ගිලීමෙන් 19 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 14 September 2017
වැසිකිලි වළකින් කාන්තා මළ සිරුරක් මතුවෙයි කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක වැසිකිලිවළක තිබී අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (14) හමු වූ බව නවගමුව පොලිසිය පවසයි. 14 September 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලයි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම හමුවේ ලබාදුන් ප්‍රකාශ වලට අදාළව දිව්රුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අද (14) නියම කළේය. 14 September 2017
බෝගම්බර සිරකරුවෝ පිරිසක් ආහාර වර්ජනයක බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ රැඳවියන් තිස් දෙනකු පමණ ආහාර වර්ජනයක යෙදෙමින් දිවා ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියයි. 14 September 2017
හොන්ඩා - ටොයෝටා කර්මාන්ත ශ්‍රී ලංකාවේ ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි. 14 September 2017
අත්තනගලු ඔය මහා ගංවතුර මට්ටමකට දින දෙකක් පමණ තිස්සේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 14 September 2017
දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉකුත්දා සම්මත කෙරුණු නව දේශීය ආදායම් පනත ඔක්තෝබර් 1 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 14 September 2017
රත්රන් ගෙන්වු කතට ලක්ෂ 25 ක් දඩ රුපියල් කෝටි 4 කට වඩා වටිනා ස්වර්ණාභරණ තොගයක් බඳපටියක සඟවා නිතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කොළඹ ප්‍රදේශයේ ආයතකයක උපදේශකවරියකට රුපියල් ලක්ෂ 25 ක දඩයක් නියම කළ රේගුව කිලෝ 7 ග්‍රෑම් 700 ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළේය. 14 September 2017
සුරාබදු දෙපාර්තමේන්තුවේ මහ පුටුවට කාන්තාවක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කේ.හෙලන් මීගස්මුල්ල මහත්මිය පත්කර තිබේ. 14 September 2017
වාහන ආරෝපන මධ්‍යස්ථාන ගැන අදහස් විමසයි විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාලව මහජන අදහස් විමසීමට ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 14 September 2017
කොමිසමේ තීරණයට නීතිපති එකඟ නොවෙයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බවට කොමිසම ගත් තීරණය වැරදි සහගත එකක් යැයි වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (14) කොමිසම ඉදිරියේ පැවසීය. 14 September 2017
යාපන සිසු ඝාතනයේ පොලිස් නිලධාරීන්ට ඇප යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත මුදාහරින ලෙස යාපන මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා අද (14) නියෝග කළේය. 14 September 2017
සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත. 14 September 2017
කොටි සාමාජිකයින්ගේ ඉල්ලීම ඔක්තෝබර් 11 සලකා බලයි ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සේනා විධායක කර්නල් ජයන්ත සුරවීර මහතා ඝාතන සිද්ධියේ විත්තිකාර කොටි සමාජකයින් දෙදෙනාගේ ඉල්ලීම පිළිගන්නේද නැද්ද යන්න නියෝගය ඔක්තෝබර් 11 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා තීරණය කළේය. 14 September 2017
භික්ෂුන්ට අපහාස කරන මැති ඇමැතිලා ගැන පියවර ගන්නැයි ඉල්ලයි භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කරන රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසට රජයට බලකර සිටින බව මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹදී පැවසූහ. 14 September 2017
දකුණේ උපසභාපති සම්පත්ගෙන් අභියෝගයක් හැකියාවක් ඇත්නම් දකුණු පළාත් සභාවේ සභාපති සහ උප සභාපති ඉවත් කර පෙන්වන්නැයි තමන් අභියෝග කරන බව දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා පවසයි. 14 September 2017
තවුහිද් ජමාද් උද්ඝෝෂණයට තහනම් නියෝගයක් මියන්මාරයේ මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙන බව කියමින් ඊට විරුද්ධව තවුහිද් ජමාද් සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(14) තහනම් නියෝගයක් පැනවීය. 14 September 2017
යෝෂිත එෆ්සීඅයිඩියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේය. 14 September 2017
ලලිත් අනූෂ නඩුවේ අැප ඉල්ලුම 20ට කල් යයි සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ. 14 September 2017
2018 රජයේ වියදම් ඇස්තමේන්තුව බිලියන 3982 යි 2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ. 13 September 2017
සිල්රෙදි බෙදීම ගැන හිටපු ජනපතිට එරෙහිව දැන් නඩු පැවරිය හැකියි - රාජිත සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග ලබාදුන්නේ තමා යැයි හිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බැවින් ඔහුට විරුද්ධව නැවත නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කීවේය. 13 September 2017
සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 13 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026