ජුඩ් සමන්ත
හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී හිලරි මහතාගේ පක්ෂ මාරුව සිදුවී ඇත.
හිලරි ප්‍රසන්න මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40 දෙනෙකු පමණ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.
මෙවර පළාත් පාලන මැතිවරණයට හිලරි මහතා හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොහොමත් ශ්‍රී ල නි ප කෙනෙක් නේ? කවද්ද UNP එකට ගියේ? , අනේ අපි දන්නෙත් දැන් ? හොර කොල්ල ,
ඔය ආප්පයන්ට නම් ඡන්දය දෙන්න නම් එපා.. වෙලා තියන දේ පේනවනේ නේද? නිර්පාක්ෂක පාක්ෂික අපිට හොඳයි !!!
මෙයාට යූ එන් පී එකෙන් නාම යෝජනා නොලැබුණු නිසා පැන්නා ....