(වියලූව - නිශාන්ත කුමාර)
රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයයි.
මීට මාස කීපයකට පමණ පෙරද ගල් සහ පස් දමා සමතලා කර මෙම මාර්ගය පිළිසකර කරනු ලැබූ අතර දින කීපයක් ගත වෙද්දී මාර්ගය යළිත් ගිලා බැසීමට ලක්ව ඇතැයි මාර්ගය දෙපස පිහිටි ගම්මානවල ජනතාව පවසති.
මාර්ගය අබලන් වීම හේතුවෙන් මහියංගණ,මැදඔය,වැව්පිටිය,රෝහණ,පගරගම්මන,අලිකදුර,ඇතුලු ගම්මාන රැසක පවුල් 5000 ක් පමණද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මෙහෙම ගිලාබැස්මක් නොවුනානම් නේද එ්ක පුදුමයක් වෙන්නේ? ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු වැඩ මෙහෙම නොවුනානම් නේද පුදුම වෙන්න ඕනෑ?
රටේම කෙරෙන වැඩවල ප්‍රමතියක් නැහැ කියන්නේ මෙනිසයි. හැබැයි සොයාබැලුවොත් කරපු වැඩ පරීක්ෂා කෙරීම සඳහා කන්සල්ටේෂන් ගාස්තු ලක්ෂ ගණන් ගෙවා ඇත.
මේක එහෙම නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් පරීක්ෂා කර ගන්න එක මේ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය පිණිස හේතු වේවි.
මෙය ප්‍රමිතියේ ප්‍රශ්නයක් වෙන්න බෑ. පුළුවන් ඉක්මනින් බලධාරීන් සුදුසු තත්වයන් පරික්ෂා කරලා පිළියමක් නොගත්තොත් ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා.
"මෙය ප්‍රමිතියේ ප්‍රශ්නයක් වෙන්න බෑ." එහෙනම් කොහේ ප්‍රශ්නයක්ද ? ප්‍රමිතිය කියන්නේ මොකක්ද? ඔබ මේ විෂය නොදන්නා බවයි පෙනෙන්නේ.