රංජන් කස්තුරි
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.
මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ එම වැටුප් වැඩිවීම හිමි වන බව ද ඇමැතිවරයා පවසයි.
ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින් ද වැඩි කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලස්සනට පැලැස්තර අලවන්න දන්නවා. කටට අදිපති දොස්තරනේ, මොනවා හරි කියල බලමු. ඔය ඉහල දාන පඩිපතට සාපේක්ෂව අනිත් හැම බඩුවකම මිලත් නගීවි. රටට බත සපයන ගොවියාට හෙන හත වැදිලා ඉන්න මේ වගේ වෙලාවක අහාර මිල තව නග්ගන්න. ඔබට ගෙදර යාමට කාලය එළඹ ඇත.
කාට වුනත් වැටුප් වැඩි වෙනකොට අපට සතුටුයි. නමුත් 50% වැඩි කලේ, ඉන්පස්සේ බෙහෙත් මිල අහස උසට නංවලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉවරම කරන්නද දන්නේ නැහැ. මේ ගැන හේතු දැක්වීමක් ඇමති තුමාගෙන් බලාපොරොත්තු වෙමි.ආයතන වලට වෙනම වැටුප් වැඩි කරනවාට වඩා හොඳ නැතිද ජීවන වියදම අඩුකරන්න බැලුවනම්.
ඉතාම හොද වැඩක්. ලාබ ලබන ආයතන වල සේවකයන්ට හොද වැටුපක් දිය යුතුයි.
වැටුප් විෂමතාවයට එරෙහිව තවත් වැඩ වර්ජනයක් ළඟදීම....
ඡන්ද ගුණ්ඩු. අවුරුදු 70ක් රට පහලට අරන්ගිය සෙට් එකට වන්දනාමාන කරන පිරිසක් තවමත් ඉන්නවනේ.
මෙයද චන්ද අල්ලසක් බව තේරුම් නොයන්නේ අම්බරුවෙකුට පමණි. ඡන්දයක් ප්රකාෂයට පත් කර තිබියදී මෙවැනි දේ කිරීමද මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි. මැතිවරණ කොමසාරිස්තුමනි සිල්රේදී බෙදාදීම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක්ලෙස ප්‍රකාශයට පත්කළ ඔබේ අවධානය පිණිසයි.
ජාතික ඖෂධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක්. මේ වැටුප ගෙවෙන්නේ ඒ ආයතනයේ උපයාගත් ආදායමින්. මේ වැටුප් වැඩි වීමේ යෝජනාව මුලින්ම සාකච්ඡා වෙන්නේ පසුගිය ජූලි මාසයේ. ලංකාවේ පුද්ගලික ඖෂධ මාෆියාවෙන් රෝගීන් ගලවා ගන්න මේ ආයතනය මහඟු මෙහෙවරක් කරනවා. වෛද්‍ය මාෆියා කාරයෝ හා ඖෂධ මාෆියා කාරයෝ මේකටත් එරෙහිව කෑ ගහනවා. මෙතනත් එහෙමයි. ඒත් වෙළෙඳ නාම වලින් බේත් ලියනවට ඇතැම් දොස්තරලාට රට සවාරි ගහන්න සල්ලි ඔය මාෆියාව දෙන්නේ රෝගීන්ගේ සල්ලි වලින්. ඒ ගැන කතා නෑ නේද?