(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන් සංචාරක විසාවලට ගෘහ සේවයට වෙනත් රටවල පිටත් කරන ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත කාර්යාලය ගලේවෙල ප්‍රදේශයෙන් සොයා ගනී.
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් අනුව ගලේවෙල නගර මධ්‍යයේ දී මෙම ස්ථානය සෝදිසි කොට එහි තිබූ කාන්තා ඡායාරූප 50ක් විදේශීය ගමන් බලපත්‍ර, වීසා ව්‍යාජ ලෙස සකසන ලද රාජ්‍ය ආයතන රැසක ලියකියවිලි රබර් සීල් ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැසක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත කොට ඒවා පෙන්වමින් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.ඔහු ගලේවෙල ප්‍රදේශයේම පදිංචි එම් .එම් .මොහොමඩ් ස්මයිල් නමැති අයෙකි .
පොලිසිය කරන ලද පරීක්ෂණ අනූව ඉදිරි විමර්ශන සදහා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් මත ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ මෙම පුද්ගලයාගේ නිවසේ පවත්වාගෙන ගිය කාර්යාලය සෝදිසියට ලක් කොට ඇත.
ඒ අනුව එම නිවසේ කාර්යාලයේ තිබී දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ඡායාරූප හැදුනුම්පත් ගමන් බලපත්‍ර විවිධ ප්‍රදේශ වලින් ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිටපත් කිසිදු අත්සනකින් තොර වූ පොලිස් වාර්තා පවුල් පසුබිම් වාර්තා රබර් මුද්රා ආදී ලියකියවිලි මෙන්ම මෙම ස්ථානය දී සොයාගෙන ඇත .
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු පොලිසියට අයත් හිස්වැසුමක් පැළඳ ලබාගත් ඡායාරූප මෙන්ම පොලිස් ප්‍රජා සේවා කමිටුවේ සභාපතිවරයකු ලෙස පෙනී සිටිමින් සාදාගත් හැදුනුම්පත් දෙකක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු කාන්තාවන් කිහිපදෙනෙකුම රවටමින් ලිංගික අල්ලස් ලබා ගැනීම හා සහ ජංගම දුරකථනය හරහා අසභ්‍ය ඡායාරූප වීඩියෝ පට කාන්තාවන්ට එවීම ආදී චෝදනා මෙන්ම මුදල් ලබාගෙන විදේශ රටවලට නොයවා සිටීම ආදී සිද්ධීන් රැසක් පිළිබධව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
මෙම ජාවාරම් කරු පිළිබඳව වසර කිහිපයක සිටම ජනමාධ්‍ය මඟින් අවස්ථා ගණනාවක හෙළිදරව් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා සඳහන් කළේය. ඉතා සූක්ෂම ලෙස තැරැව්කාර කාන්තාවක් යොදාගෙන මෙම පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායමකට හැකිවී තිබේ.
මෙම ජාවාරම පිළිබඳව දැනට අනාවරණය වී ඇති ඔහු සතුව ඇති ජාතික හැදුනුම්පත් වීදෙස් ගමන් බලපත්‍ර ලියකියවිලි සතු ජනතාවට දැනුම් දී ඔවුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලීසිය කියයි. එමෙන්ම ගලේවෙල ප්‍රදේශයේ මෙවැනි ජාවාරම් කරුවකුට හසුවී ඇත්නම් වහාම ගලේවෙල පොලිසිය අමතන ලෙස ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර කීපයකට පෙර ජන මාධ්‍ය මගින් හෙළිකරලා තිබුණා නම් මෙතෙක් කලක් යනතුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනේ ඇයි? ඒ තරමටම අපේ ආරක්ෂක සේවාවන් දුර්වලද? අනිත් කරුණ නම් අනිවාර්යෙන්ම මේ පීඩාවන්ට අහුවෙලා ඉන්නේ සිංහල ගැහැණු වෙන්න ඇති. අපේ සිංහල පිරිමින්ට කොන්දක් නැද්ද තමන්ගේ ගැහැණුන්ව රට රටවල බැල මෙහෙවරේට යවන්නේ. ගැහැණුන්ව, දරුවන්ව නඩත්තු කරන්න බැරිනම් කසාද නොබැඳ ඉන්න ඕනෑ.
සමහරු ශරීරෙ වෙහෙසලා අාදායමක් ලබනවා. මේ ඉස්මයිල් වගේ නම් තියෙන කට්ටිය නිතරම කරන්නේ පහසු රස්සාවක්. ගොවිතැන වගේ අමාරු රස්සා කරන්නේ නැහැ. ඉතින් ගල් ආඳා වගේ ලිස්සලා යන යටි කුට්ටු වැඩ තමයි සමහරු කරන්නේ. අපේ මෝඩයෝ මේ අය ලඟට ගිහින් අමාරුවේ වැටෙනවා. ගැහැණු රට යවලා ලංකාවේ සමහර මිනිස්සු උදේ හිටන් බොනවා. ගැහැණු අපා දුක් විඳලා සල්ලි එවනවා. නැත්නම් පෙට්ටියෙන් එනවා. මේකත් අපේ ජාතික අදායමෙන් කොටසක්....
උපරිම දඬුවම් දිය යුතුයි. කී දෙනෙකුගේ පවුල්, ජීවිත කඩාකප්පල් කර ඇද්ද?
පොලිසියට ඔත්තු දෙන්න කියලා දාගෙන ඉන්න සිවිල් කමිටු සභාපතිලා තමයි හොඳම හොරු, පගා මරුවෝ, මොවුන් ගමේ වෙන ඔක්කොම හොර වැඩ දැනගන, පගාව දුන්නේ නැත්නම් විතරයි පොලිසියට අදාල ආයතන වලට කියන්නේ. ඒ අයට ඕනෑ විදිහට තමයි ගමේ හැම කෙනෙක්ම ඉන්න ඕනේ කියලා ගෝල බාලයන්ට කියලා තියෙන්නේ. දන්නා දේකුත් නැහැ. නොදන්නා දේකුත් නැහැ. හොරුන්ව බේරලා වැදගත් හොඳ මිනිස්සුන්ට බොරු ලෙඩ පටලවනවා. පොලිසියත් ඒවා විශ්වාස කරනවා. රටේ අට පාස් ප්‍රතිපත්ති සහ නීති... ඉදිරියටත් මේ රට දියුණු වෙමින් පවතීවි. පහුගිය ආණ්ඩුව කාලේ තමා මේ වගේ දේවල් බොහොම ජයට කෙරුනේ... මේ ආණ්ඩුවත් මේ දේවල් ගැන හොයා බලලා ලොකු වෙනසක් කලේ නැහැ.
අද වනවිට ලංකාවට බලපා ඇති ප්‍රධාන ප්‍රශ්න වන්නේ ත්‍රී රෝද රථ සහ විදේශ ගෘහ සේවයට කාන්තාවන් යැවීමයි. ලංකාවේ පුහුණු ශ්‍රම බලකාය වේගයෙන් පහත වැටී ඇති අතර තරුණ තරුණියන් එවැනි පුහුණුවීම් වලට උදා : මේසන්,වඩු,විදුලු තාක්ෂණ,මැහුම්,. අලුතින් එකතු වීමත් අඩුවී ඇත. රටක ආර්ථිකයට ඇති ප්‍රධානතම සම්පත වන මානව සම්පත කළමනාකරණය නොකිරීමේ ආදීනව ලංකාවට නුදුරේදීම අත්විඳිය හැකි වේ.