අමල් වික්‍රමරත්න
පැය 4 ක මෙහෙයුමකින් ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.
මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සැමගේ ආරක්ෂාව පිණිස මෙවන් මෙහෙයුම් සිදු කිරීම ඉතා හොඳයි. ඒ වගේම රාත්‍රියට රථවාහන පොලිසිය මාර්ගවල රාජකාරි කරන්නේ නම් මාර්ග නීති කඩ කරන රියදුරන් විශාල පිරිසක් අල්ලා ගන්නට හැකියාව ලැබෙනවා. බොහෝ දෙනා රාත්‍රී කාලයට කිසිදු නීතියක් නොතකා අනෙකුත් රියදුරන්ට හා මගීන්ට කරදර සිදු වන සේ රිය ධාවනය කරනවා. මෙමගින් පොලිසියට විශාල දඩ මුදල් ප්‍රමාණයක්ද ලබා ගන්නට ඉඩ සැලසෙනවා.
නිතරම වැටලීම් කරනවා නම් හොඳයි. කුඩු හැම තැනකම. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි ප්‍රදේශ වලටත් අවදානය යොමු කරන්න.
ඇත්තටම, පොලිසිය ගැන අපිට හුඟක් ආඩම්බර වෙන්න පුළුවන් තත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. දිනපතාම දහස් ගණන් අපරධකාරයෝ, හොරු මේ මහත්වරුන්ට හොයාගන්න හැකිවෙලා තියනවා ...