රවීගේ හැම වැඩකින්ම පක්ෂයටත් රටටත් හානි ‘එක්සත් ජාතික පක්ෂයේත් හොරු ඉන්නවා යහපාලන ආණ්ඩුවෙත් හොරු ඉන්නවා පක්ෂයේ හොරු ඉන්නකම් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණ අවතක්සේරුවට ලක්වෙනවා‘යැයි ජාඇල එජාප ප්රධෘන සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසයි. 26 September 2017
ලොරි - බස් අනතුරින් අයෙක් මරුට පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී බස් රියක් මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව උඩප්පුව පොලීසිය කියයි. 26 September 2017
සබරගමු සභාවේ නිල කාලය අදින් අවසන් සබරගමු සභාවේ නිල කාලය අද(26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. 26 September 2017
කහවත්තේ බස් රථ අනතුරෙන් 23 රෝහලේ බත්ගන්ගොඩ ආදාහනා ගාරයට යමින් පිරිසක් රැගත් බස්රථයක් කහවත්ත යායින්න ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ඉවුරක හැපිමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලටත් සහ රත්නපුර පලාත්බද මහ රෝහලටත් ඇතුලත් කළ බව කහවත්ත පොලිසිය කියයි. 25 September 2017
ගෑස් සිලින්ඩරය ගණන් උස්සයි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දමන බව ගෑස් සමාගම් පවසයි. 25 September 2017
ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කරන්න උපදෙස් ආනයනික ලොකු ලූනු සඳහා අය කරන බද්ද සියයට සියයකින් වැඩි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 25 September 2017
දුමින්ද එක්ක වැඩ කරන්න බැහැ - තුසිත හල්ලොලුව ඉල්ලා අස්වේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 25 September 2017
දසුන් නිශාන් මිය යයි රංගන ශිල්පියකු වන දසුන් නිශාන් ද සිල්වා අද(25) සිය නවාතැන්පොළේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 September 2017
ඒ.එස්.පී විභාගයෙන් වසරකට පසු සම්මූඛ පරීක්ෂණ පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සඳහා 2016 වසරේදී පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී සම්මූඛ පරීක්ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය. 25 September 2017
පළාත් පනතට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සම්මත විය යුතු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන අදට යෙදෙන විශේෂ පාර්ලිම්න්තු දිනයේ දී ඉදිරිපත් කිරීමටත්, ඔක්තෝබර් 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් රජය එකඟ වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 25 September 2017
ලලිත් ජයසිංහට ඇප ජනාධිපතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කළැයි කියන සැකකරුවකු වසන් කළැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 25 September 2017
මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය. 25 September 2017
කෝටි 10 ක් වංචා කළ අනංගයා අත්අඩංගුවට දිවයින පුරා විවිධ ප්‍රදේශවල කාන්තාවන් 65 දෙනෙක් ඇතුළු විවිධ පුද්ගලයන් රාශියක් නොමඟ යවමින් රුපියල් කෝටි 10 කට අධික මුදලක් වංචා කළ විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 25 September 2017
’මධ්‍යම අධිවේගයේ පාරිසරික ගැටළු ඔප්පු කරන්න හැකිනම් සැලසුම් වෙනස් කරනවා’ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේ දී එල්ල වී තිබෙන පාරිසරික ගැටළු පිළිබඳ චෝදනා යම්කිසි විශේෂඥයකුට ඔප්පුකර පෙන්වීමට හැකිනම් මෙම අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරිමට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නලීන් සුරිය ආරච්චි මහතා අද (25) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය. 25 September 2017
හිටපු ගුවන් සේවා ඇමැතිගේ නඩුව දෙසැ 4 සිට විභාගයට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නොතිබු තනතුරක් ඇති කොට එයට තම පෞද්ගලික ලේකම්වරයා බඳවා ගැනීම හා ඔහුට වාහන දීමනා ඇතුළු වෙනත් දීමනා ගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩලය පොළඹවන ලදැයි හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම් පී.දයාවංශ යන මහත්වරුන්ට එරෙහි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට බාර දෙන ලදී. 25 September 2017
යෝෂිතට ඉතාලි යන්න අවසර හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25) අවසර ලබා දුන්නේය. 25 September 2017
රයන් ජයලත්ගේ ඇප විරෝධතා ඉල්ලයි සයිටම් විරෝධී පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල වලට හානි කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 2 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (25) නියෝග කළේය. 25 September 2017
ශිවාජිලිංගම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලයි යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. 25 September 2017
ලලිත් ජයසිංහ අත්අඩංගුවට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 September 2017
ගැමි දැරියක සමාජ ශාලාවක නිරුවත් නැටුමකට යොදාගෙන පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය. 25 September 2017
ජනපති ඇතුළු දූත පිරිස යළි දිවයිනට එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(25) යළි මෙරටට පැමිණියහ. 25 September 2017
මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා මහතාට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් මහතාට උපදෙස් දී තිබේ. 25 September 2017
ගැටුමකින් පසු දර්ගා නගරයේ දෙදෙනක් රෝහලට අලුත්ගම දර්ගානගරයේ වැලිපිටියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු කැපුම් කෙටුම් තුවාල ලැබූ දෙදෙනකු අද (24) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. 24 September 2017
ලක්ෂ 45ක රත්තරන් ඉන්දියාවට පන්නන්න හදලා කිලෝ ග්‍රෑම් එකක පමණ බරකින් යුත් රත්තරන් තොගයක් තම සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධීව ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 24 September 2017
ඇමැති රිෂාඩ්ගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටට පදිංචිකිරීම තමන්ගේ මැදිහත්වීම මත සිදුවන බවට සමාජජාලා වෙබ් අඩෙවි හරහා තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම අමාත්‍යංශය කියයි. 24 September 2017
සාරිපොට අල්ලන්න ළමයින් යෙදවීම ගැන තවත් පරීක්ෂණයක් පාසැල් වේලාව තුළ උත්සව වලට සම්බන්ධ කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් ලොව දිගම ඔසරිපොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00 ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක් බිලියන 6.6ක නොගෙවූ මහා මාර්ග සංවර්ධන බිල්පත් ගෙවීම සඳහා අධිවේගී මාර්ගවලින් උපයා ගත් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 24 September 2017
පන්නල කම්හලක ගින්නක් පන්නල කර්මාන්තපුරයේ තිබු රබර් ෂිට් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (24) සවස හටගත් ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බව පන්නල පොලිසිය පවසයි. 24 September 2017
කොළඹ ආ විශේෂ දුම්රියක් පිලිපනී අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියක් හෙනරත්ගම - තඹුත්තේගම අතරදී අද (24) සවස 3.30ට පමණ පිලිපැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි. 24 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026