(කාංචන කුමාර ආරියදාස)
ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන ඉන්දියාව පකිස්ථානය චීනය ආදී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්තාපල් අල හා ලොකු ලූනු ආනයනය කිරීම මහා පරිමාණයෙන් සිදුවෙන බවත් පාරිභෝගිකයන් පිළිබඳව සිතා රජය ආනයනය කරන අර්තාපල් සහ ලොකු ලූනු සඳහා පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ නුසුදුසු තත්වයේ ආහාර ගෙන්වීම සිදුකරන බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට පිහිටි විශාල අල ගබඩාවන් රැසක විදේශ රටවලින් ගෙන්වන ලද ලොකු ලූනු සහ අල කන්ටේනර් රථ ගොඩබෑම සිදුවන අයුරු දැක ගැනීමට හැකිය. එමෙන්ම එම ගබඩා තුළ කාන්තාවන් යොදා ගෙන ඉතා දුර්ගන්ධයෙන් යුත් සහ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින අර්තාපල් අල හා ලොකු ලූනු තෝරා පිහදා වෙන් කරන ආකාරය දැකගත හැකිය .
ඉතාමත් සූක්ෂම ලෙස ස්ථාන ගණනාවක මෙම ආකාරයෙන් කාන්තාවන් යොදවා කුණු වී ඇති පිටරටින් ගෙන්වන අර්තාපල් අල ලොකු ලූනු සුද්ද කරන ආකාරයත් ඒවා වෙළඳපොලට යැවීම සඳහා ඉතා සූක්ෂම ලෙස නරක් වූ ඒවා හොඳ ඒවා කලවම් කොට ජාවාරම් ආකාරයෙන් සිදු කරන ආකාරයත් සොයාගත හැකි විය.
මෙම ඇතැම් ගබඩාවල ව්‍යාපාරිකයන්ට විදේශ රටවලින් ගෙන්වා ඇති අර්තාපල් අල සහ ලොකු ලූනුවල තත්වය පෙන්වීම සඳහා ගෙන්වූ බිල්පතක්වත් නොමැති වීම විශේෂත්වයකි. බොහෝ දෙනා කියා සිටින්නේ විදේශ රටවලින් ගෙන්වා කොළඹ වරායේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු නිසා ඉවත් කරන අල ලූනු මේ ආකාරයෙන් උත්සව සමයේ ඉතා අඩු මුදලට ගෙනැවිත් අලෙවි කරන බව ය.
මේ පිළිබඳව කරුණු විමසීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නගරයේ සෝදිසි මෙහෙයුමකට ගොස් ඇති බව එහි සේවකයෝ පැවසූහ. කුණු වී ඇති ලූනු සුද්ධ කරමින් සිටි ව්‍යාපාරිකයකු මහ නගර සභාවේ කාර්යාලය තුළ සිටිනුද දැකිය හැකිවිය. ඔහුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවීම සඳහා පැමිණි බවය.
මේ තත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන බව දඹුල්ල නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතා පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙතන කොතරම් අදහස් දැක්වුවත් වැඩක් නැහැ. අන්තිමට කළු කඩ කාරයා දිනුම්. දේශීය ගොවියා පරාදයි...! පාරිභෝගිකයා අතරමං.
අැයි මේ දේවල් වරායෙන් නෙමේද ලංකාවට එන්නේ? කන්ටේනර් ගණන් හොර බඩු එනවා ලංකාවට ඒවා බලන්නේ නැහැ. එක දුරකථන ඇමතුමයි භාණ්ඩ ටික එළියේ. දුප්පත් මිනිහෙක් පිට රටක ඉඳන් මොනවා හරි ගෙනාවොත් එකින් එක ගලවලා බලනවා. දඩත් ගහනවා. රේගුව විසින් දැන් මේ කුණු වෙච්ච අල, ළුෑණු ගෙන්වන්නේ අපි වෙන්න ඇති...
අපේ රටට ගෙනෙන සියලුම ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, තුනපහ-කුළුබඩු, සීනි, පිටි, කරවල සෑම දේම වස-විස සමගයි එවන්නේ, මේවා කිසිදෙයක් ගැන නොසොයන අහිංසක මිනිස්සු ලෙඩකර මරා විනාශ කරන්න කරන සැලසුම්. මේ ගැන වගකිය යුත්තන් සොයාබලන්න ඕනෑ.
එක කුරුමිනියයි හිටියේ. අපේ තේ සහ කෘෂි නිෂ්පාදන ගෙන්වීම රුසියාව තහනම් කළා. අන්න රටවල්. මෙහෙට ඕනේ දහ ජරාවක් ගෙන්වනවා.
මේවා එම රටවලදී අඩුගාණට අරගෙන නියමිත මුදලට මුදල් යවා."උන්ඩියල් " විදියට සල්ලි ගෙවනවා. ණයවර ලිපි නිකුත්කර නොවෙයිද ගෙන්වන්නේ?