(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත්, ලබන ජනවාරි මස සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ ඇස්බැස්ටෝස් තහනමත් අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචි ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ තේ වන අතර රුසියාවෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ආනයනය කරන්නේ ඇස්බැස්ටෝස් බව ද අමාත්‍යවරයා කීවේය.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට යවන සියයට 11ක තේ අපනයනය අහිමි වීමෙන් රටේ බොහෝ දෙනෙකුට බලපෑම් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතු බව කී අමාත්‍යවරයා මේ වන විට ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් රුසියාවේ නිෂ්පාදනය කරන සුදු ඇස්බැස්ටොස්වල සෞඛ්යාරක්ෂිතභාවය පිළිබඳ සොයාබැලීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්බැස්ටස් කම්පැනිවලින් මිලියන ගණනක් මෛත්‍රි ගත්තා. ඒකත් එක්කම ලස්සන ඩ්‍රාමා එකක් හැදුවා කුරුමිණියෙක් දාලා. ඒත් එක්කම සස්පෙන්ඩ් කළා. මේක තමයි ඇත්ත කතාව. කාට කාටත් දැනගන්න මේක දාන්න. පක්ෂය, ජාතිය, රට මුළු මිනිස් සමාජයම කා දැමූ තවත් වැඩක්...
සම්බන්ධයක් තියෙනවා. තේ වතුවල වැඩකරන කම්කරුවන්ගේ නිවාස වහලයට ගන්නේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු නේ....
ඇස්බැස්ටෝස් ශරීරයට අහිතකර බවත්, එමගින් පිළිකා ඇති කරවන බවත් ඇමෙරිකානු, රුසියානු, යුරෝපිය, ජපාන ඇතුළු විද්වතුන් විසින් සහ ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් සොයාගෙන දශක කිහිපයක් ගතවී ඇත. ලෝකයේ දියුණු රටවල මේවා නිපදවීම නවතා මේවාට ආදේශක ඕනේ තරම් ඇත. නමුත් බලන්න මම ඕනෑම ඔට්ටුවක් අල්ලන්නම්.. අපේ සුසිල් ප්‍රේමජයන්ත අමැතිතුමා රුසියාවේ ගිහින් ඇවිත් කියාවි ඇස්බැස්ටෝස් භාවිත කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේවා දිගටම භාවිත කරමු කියලා. අපේ සුසිල් අැමැතිතුමා පෙරකදෝරු විභාගය පමණක් සමත් වුණත් රසායන සහ වෛද්‍ය විද්‍යාව ගැන හොඳ දැනීමක් තිබෙනවා.
මේවා අපි අපිටම කියා ගන්න දේවල්...
ඔන්න නියම ජාත්‍යන්තර බලපෑම්. මානව හිමිකම් මුකුත් නිසා නෙමෙයි. ඇස්බැස්ටෝස් නිසා. මොනවා වුණත් බටහිර රටවල් මීට වඩා ශිෂ්ඨ සම්පන්නයි.
මේ මොකද වෙන්නේ? අපේ ලොකු එක්කෙනාගේ හොඳම යාලුවෙක් කිව්වා නේද රුසියාවේ ලොකු එක්කෙනා....
2016 නිවේදනේ නිකුත් කරලා දැන්ද කට්ටිය යවන්න හදන්නේ? පරීක්ෂණ කරන්න මෙහෙමත් ආණ්ඩුවක්...
අපේ වහලවල් වලට අපේම දේශීය පොල් අතු සෙවිලි කර ගනිමු. සිය රට දේ - සිරි සැප දේ!
අර පරණ කඩුවක් තැගී දුන්නා නේද එක පාරක්. අන්න එ්ක ප්‍රයෝජනයට ගන්නකෝ හිටන්...
තේ අපනයනය සියයට 12 කින් අඩුවුණොත් කොළඹ තේ මිලගණන් අඩුවී එම ක්ෂේත්රයට විශාල හානියක් වෙනවා. ඒ නිසා ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරන එක හරි. ඒ වුණාට මේකෙන් ලැබෙන ප්රචාරක වාසිය නිසා මහජනයා ඇස්බැස්ටෝස් පාවිච්චිය අඩු කළොත් හරි.
බටහිර රටවල සම්පුර්ණයෙන්ම තහනම් කරපු දෙයක් තමයි ඇස්බැස්ටෝස්... පිළිකා සැදීමට හේතුවෙන නිසා. තාම නොදියුණු රටවල පාවිච්චි කරනවා. ඒවා පරීක්ෂා කිරීමට ඇමති කෙනෙක් ගිහිල්ල වැඩක් නැහැ. රසායන විද්‍යාඥයින් පිරිසක් තමයි යන්න ඕනේ.
ජනාධිපතිතුමනි ඇස්බැස්ටෝස් තහනම් කිරීම හොඳ තීරණයක්... යම්කිසි තීරණයක් කැබිනට් මණ්ඩලේ තීරණයක් ගන්න ඉස්සරවෙලා හැම පැත්තක්ම බලලා තීරණය ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලේ සාමාජිකයන් එම තීන්දුවට විරුද්ධව තැන තැන විරුද්ධ අදහස් ප්‍රකාශ කරනවා නම් හෑල්ලුවට ලක්වෙන්නේ කැබිනට් මණ්ඩලේ ප්‍රධානියා වන ඔබතුමයි. මෙහෙම ගියොත් කිසිම දෙයක් රටේ ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා. ජයවර්ධන, ප්‍රේමදාස සහ රාජපක්ෂ යන ජනාධිපතිවරු කැබිනට් මණ්ඩලේ ප්‍රධානින් ලෙස තමන් ගත්ත තීරණයක් ලෙහෙසියෙන් වෙනස් කලේ නැත.
"තේ කොළ සහ ඇස්බැස්ටෝස්" හරියට " කේක් සහ මඩ්ගාර්ඩ්" වගේ කතාවක් තමා...
දැන් ඇස්බැස්ටෝස් ඇමැති කෙනෙකුත් දාමු. ඒ පැත්තෙන් මේ පැත්තට පණින කෙනෙක්ට පහසුවෙන්ම ඒක දෙන්න පුළුවන්!
රුසියාව කියන්නේ සුපිරි අය ඉන්න රටක්නේ, ඉතින් සුසිල් අැමැතිතුමාට රජ සැප ලැබෙයි එහාට ගියාම, මෙහෙ ඇවිල්ල කියයි ඇස්බැස්ටෝස් භාවිත කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා..................
ඇයි මේ ගොන් වැඩ ? කරන අය අල්ලන්නේ නැද්ද?
දැන් ඔන්න ඇමති කණ්ඩායමක් යනවලු රුසියාවට තත්ත්ව පරික්ෂාවට. මොන විහිලු ද ?60,70, දශකවල ප්‍රංශයේ ඉදි කල තට්ටු නිවාස සියල්ල බිමට සමතල කරලා දැම්ම ඇස්බැස්ටෝස් සහිත නිසා. එමගින් පිළිකා සැදුනු, මියගිය පවුල් ඔක්කොටොම වන්දිත් ගෙවන්න සිදුවුණා උසාවියේ අණ පරිදි. 2018 දී ලංකාව තාමත් කෙකර ගානවා.ඔය තහනම ඉවත් කරන්න එපා. තේ සැපයුම වෙනුවෙන් ජාත්‍යන්තරය සමග විකල්පයක් හොයන්න. දැන් යුරෝපය තේ බොන ප්‍රමාණය තුන් ගුණයකින් වැඩියි .අපේ රටේ කුරුදු.ගොරක,සියබල වැනි කුළුබඩු යුරෝපයට හදුන්වාදෙන පිළිවෙලක් යොදන්න.
ඇත්තටම ඔහොම සම්බන්ධයක් තියෙනවා නම් කියා කියා ඇවිදින්නේ ඇයි? යහපාලන කාලේ ලංකාවේ බුද්ධි අංශ වගේ නෙමේ රුසියානු බුද්ධි අංශ. මෙතැන වහන්න හදන ලොකු කේස් එකක් තියෙනවා පුතේ. එක රුසියාව කියන විදියේ කුරුමිණිය වත්, ලංකාව කියන විදියේ ඇස්බැස්ටෝස් තහඩුවත් නෙමේ.
නොමෙරූ ඇමති වරයාගේ ප්‍රකාශ නිසා රුසියාව උරණ වී තේ අපනයනය ප්රශ්නය තවත් උග්‍ර විය හැකියි .
මේක හරියටම හරි. අපි කාටවත් කවදාවත් නැගිටින්න දෙන්නේ නෑ
ලොව සියලු රටවලට ගොස්ජාත්යන්තරය ජය ගත්අපේ ජනපතිට අගමැතිට ප්‍රණාමය!! ඇස්බැස්ටෝ වර්ගය (සුදුවර්ගය) රටට තාවකාලිකව ගෙන එය ක්‍රමානුකුලව අඩුකරගන්න තිබුණා. නමුත් රුසියන් විරෝධී රටවලට ලෙන්ගතුකමට දොඩවන්න ගිහින්අයෙත් වැඩේ විනාශ කර රටත් කාව.රුසියාව Turkey වලටත්තමන්ගේ ගුවන් යානයට ගහපුවම ඔය වගේ වැඩක්කල.තමන්ගේ රටේ සහල්ටික හද ගමන බැරි, අලි ගහල අව්රුද්දට දෙසිය ගනනක් මැරෙන රටේ, මහා බැංකුව ප්‍රසිද්දියේ කඩන රටේ, හොරුන්රකින ෆූට් note දාන රටේ, යාගයට ඉන්දියාවට යන මෝඩයෝ ඉන්න රටේ,උපතේ සිට මැරෙනකම් නැකත්බලන , රටේ මෝඩයෝ වගේ නෙම්මෙයි, Russian කාරයෝ, උන්රටට ගොඩක්ආදෙරෙයි.......