උ‘මැද උපාධිධාරීහු අදත් විරෝධතාවයේ උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිදාරිහූ පිරිසක් ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි තනතුරු ඉල්ලා අද (27) උදැසන සිට පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝණයක නිරතව සිටිති. 27 September 2017
‘රෝහින්ග්‍යා සරණාගතයින් නුදුරේදීම පිටත් කරනවා‘ - කැබිනට් ප්‍රකාශක රෝහින්ග්‍යා සරණාගතයින්ට ස්ථිර පදිංචිය දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ඔවුන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් පැමිණි රටට හෝ වෙනත් රටකට පිටත් කර යැවෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 27 September 2017
දිස්ත්‍රික් තුනකට නාය යාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර, රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු අඟවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 September 2017
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක් මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලමින් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන ගණනාවක් එකතුව අද(26) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දුන්නේය. 27 September 2017
බන්ධනාගාරයේ සිට කළ හෙරොයින් ජාවාරමක් හසුවෙයි බන්ධනාගාර ගතව සිටින සිරකුරුවකු ජංගම දුරකථන හරහා මුදල් යැවීමේ ක්‍රමයට මහා පරිමාණයෙන් කළ හෙරොයින් ජාවාරමක් කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්විය. 27 September 2017
මාගම්පුර වරාය සේවකයෝ සංකේත වර්ජනයක මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි. 27 September 2017
මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි ‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 27 September 2017
විද්‍යා දැරියගේ ඝාතකයින්ගේ ඉරණම අද විසඳෙයි යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27) දිනයේදී ලබා දීමට නියමිතව ඇත. 27 September 2017
රිරෝද රථ - බස් ගැටී දෙකක් මරුට හතරක් රෝහලට දික්වැල්ල බතීගමදී බසයක් සහ ත්‍රීරොද රියක් ගැටීමෙන් ත්‍රීරොද රියේ රියැදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 26 September 2017
රෝහින්ග්‍යා සරණාගතයෝ බූස්ස කඳවුරට මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. 26 September 2017
වසර 23කට පසු විත්තිකරුට මරණ දඬුවම වේයන්ගොඩ කොරස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කළැයි එම ප්‍රදේශයේම 49 හැවිරිදි පුද්ගලයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (26) මරණ දඬුවම නියම කළේය. 26 September 2017
කොට්ඨාශ නීති ගත කරන්න වේවී ඉදිරි මාස හතර ඇතුළත කොට්ඨාශ ක්‍රමය සම්මත කර ගත නොහැකි වුවහොත් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන් කළ යුතු යැයි ජනමාධ්‍ය හා මුදල් නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි. 26 September 2017
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි. 26 September 2017
20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති. 26 September 2017
‘බුද්ධාගමට ඇති තැනත් - විධායක ජනපතිධුරයත් එලෙසින්ම ඕනෑ‘ බුද්ධාගමට පළමු හා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් දී ඇති සුවිශේෂී තැන එහි ඇති වචනවලින්ම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහිත් සඳහන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 26 September 2017
නව රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කරනු ලැබ සිටී. 26 September 2017
පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත් පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි. 26 September 2017
වෑන්-කැබ් අනතුරින් අයෙක් මරුට-12කට තුවාල දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කනාදන ප්‍රදේශයේ අද (26 ) වැන් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් 12 දෙනකු බරපතල තුවාල ඇතැයි පොලීසිය කියයි. 26 September 2017
මාර්ග අනතුරු හඳුනාගැනීමට සීසීටීවී සහාය මාර්ග අනතුරු අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නවීන සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ. 26 September 2017
සංචාරක ත්‍රිකෝණයක් හදනවා-අගමැති කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 26 September 2017
රවීගේ සැලසුම ගැන බන්දුල කියයි රවී කරුණානයක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 26 September 2017
මියන්මාර සරණාගතයින් 30ක් පොලිස් භාරයට මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 26 September 2017
ඕමාරගොල්ලේ වැසියෝ පාර වසති පෞද්ගලික ජල බොතල් අලෙවි සමාගමක් නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳීයාමට පටන් ගෙන ඇතැයි කියමින් ඉබ්බාගමුව ඹ්මාරගොල්ල ගම්වාසිහු පිරිසක් අද (26)දඹුල්ල කුරුණැගල මාර්ගය අවහිර කරමින් විරොධතාවක නිරත වුහ 26 September 2017
මාර්ග බලපතක් නැතිව ගිය බස් රියේ හිමිකරුට ලක්ෂ දෙකක දඩයක් මාර්ග බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රියක හිමිකරුවකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමට මාතලේ අධිකරණය කටයුතු කළේය. 26 September 2017
කොළොන්නාවේ විදේශ රැකියා ඒජන්සියක් වටලයි දකුණු අපි‍්‍රකානු රාජ්‍යයේ උගන්ඩාව ඇතුළු රටවල රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ බව කියන කොළොන්නාවේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් වැටලූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය එහි හිමිකරු අත් අඩංගුවට ගෙන ඇත. 26 September 2017
ත්‍රස්ත නායක දිලීපන්ගේ ගුණ සැමරුම යාපනයේදී කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 30වැනි ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිත පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. 26 September 2017
ඔසරි පොටේ පරික්ෂණ තවදුරටත් පුළුල් කෙරේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 26 September 2017
ඇමෙරිකානු යානා බිම හෙළනවා ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. 26 September 2017
බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයකට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිවරයා ලෙස ජේ.ඒ මල්වත්තගේ මහතා අද (26) සිට පත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත. 26 September 2017
උතුරු මැද රැකියා විරහිත උපාධිධාරීහු පළාත් සභාව වටලති උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(26) උතුරු මැද පළාත් සභාව වටලා කඳවුරු බැඳගෙන සිටිති. 26 September 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026