(ටී.කේ .ජී.කපිල )
නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.
මොවුන් ජා - ඇල සහ මාරවිල ප්රදේශවල පදිංචි අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන්නෝ වෙති.
මෙම විස්කි බෝතල් තොගයේ වටිනාකම රුපියල් 193,750 ක් බව රේගුව ප්රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රේගුවේ මහත්තුරුන්ට මෙදා සැරේ නත්තල ජයයි.
නීතියට පටහැනි වෙන්න ඇති. ඒත් මනුස්සකම සහ අභිමතය පාවිච්චි කරන්න තිබුන. මේ අයගේ ගම් ප්රදේශය අනුව පෙනෙන්නේ මොවුන් කතෝලික අය බව. කාලෙකට පස්සේ ලංකාවට එන්න ඇත්තේ නෑයින් සමග නත්තල සමරන්න වෙන්න ඇති. මේ අය මොනතරම් විදෙස විනිමය ප්රමාණයක් ලංකාවට එවල ඇද්ද. ලොක්කෝ වගේ මංකොල්ල කෑමක් නෙමෙයිනේ මේක. රෙගු ගාස්තු වෙනුවට මේ අය ලංකාවට එවපු වටිනා විදෙස විනිමය ගැන සලකා මේක නිදහස් කරන්න තිබුන. මේවයේ වටිනාකම ඒ මිනිස්සු එහෙ දුක් විදලා හම්බකරපු සල්ලි. ඒක රාජසන්තක කරපු එක හරිම අමානුශිකයි.
අන්තිම අසාධාරණයි.... මේ අය කතෝලික මිනිස්සුන්ට මංගල උත්සවයක් ඇති..... ලංකාවේ තියන එතෙනොල් අරක්කු බොන්න බැහැ....... මෙවලට සාධාරණයක් කරන්න ඕනෑ..............
ආයේ සැකයක් නැහැ. පුංචි රෝමයේ පැත්තේ මැඩම් ලා නත්තල ජයට සමරන්නම ගෙනෙන්න ඇති. විස්කි නැතිව කොහොමද නත්තල සමරන්නේ?
මේ යල් පැන ගිය නීති ඉවත් කල යුතුයි. කෙනෙක් පිටරටක ගොස් තමන්ගේ මහන්සියෙන් උපයා ගත් දෙයින්, තමන්ට කැමති දෙයක් ගෙන් ඒමට ඉඩ දිය යුතුයි.
මෙහෙමයි, 193750 / 40 = 4843.00 ඒ කියන්න ලාබ විස්කි බ්රෑන්ඩ් එකක්, ෂුවර් එකට වෙඩින් එකකට ගේනවා වෙන්ඩ ඕන, බිස්නස් එකක් කරන්න ගේනවා වෙන්නත් පුළුවන්, හැබැයි දැනට දෙන 2.5 ලීටර් එලවුන්ස් එක කොහොමත් මදි..... පිටරට ඉදන් වෙඩින් එකකට එන ඕන කෙනෙක්ගෙන් බලාපරොත්තු වෙන එකම දේ තමයි ඕක......4 ලීටර් වත් දෙන්න ඕන.... ගොඩක් රටවල 4 ලීටර් අලෝවුන්ස් එකක් දෙනවා.