(විනීතා එම් ගමගේ)
මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.
ප්රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එම නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව ද පැවැසී යැයි හෙතෙම සඳහන් කළේය.
මෙම බල ප්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත් තීරණයක් නොවන බවත් එය දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් කර ඇති බවත් පැවැසී යැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකලොත් වැඩ වරදියි...
එතකොට " දර්ගා ටවුන්" ගැන මොකද කියන්නේ?
මේ ආණ්ඩුව නිකන් බොරු ප්‍රශ්න හදා ගන්නවා. අනවශ්‍ය ජාතිවාදී ප්‍රශ්න ඇති නොකර මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. රජය පත් කලේ රට දියුණු කරන්න. නමුත් කරන්නේ රට පස්සට යන වැඩ තමයි.
මෙතන ජාති වාද අවුස්සන්න එපා...
ශ්‍රී ලංකාවට අපකීර්තියක් දෙන කොළඹ 2 පිහිටි "වහල් දුපත - ස්ලේව් අයිලන්ඩ්" නම වෙනස් කරන්න පුළුවන් නේද?
අක්බාර් ටවුන් කියන්නේ විශාල, ලොකු නගරය කියන තේරුමනේ. "විශාල" කියන එක "එඩේර" බවට පත්වෙනවා . නගරය යන්න "මුල්ල" බවට පත්වෙනවා. එච්චරයි.
නිසාර්. අපේ සීයලගේත් සීයලා පවා ඉපදුණු ගමට අපි උපන් දා ඉදන් කණට ඇහුණු හුරුපුරුදු "එඩේරමුල්ල" නම හොඳයි. ඔය කියන "විශාල නගරය"ට වඩා.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ "මුල් ඇඩිය" ඔය කියන "විශාල නගරය හෙවත් අක්බාර් ටවුන්" වුණේ එක්දාස් නවසිය කීයේ ඉඳන්ද කියලා...
ඉතින් නිසර් ඕක අරාබි භාෂාවෙන්ම කියන්න ඕනෑද? විශාල හෝ මහනගරය කියා තේරුම් දෙන නමක් අපේ භාෂාවකින් දාන්න බැරිද?
නිසර් ඒවා කරගන්න සෞදියේ... මෙහෙ නෙවෙයි තේරුණාද?
අක්බාර් කියන්නේ විසාල නම්, අක්බාර් ටවුන් නොකියා විසාලා නුවර කියමු...... නැතුව ඔය සිංහල නගරයට හම්බ නමක් දාන්නේ මොන බම්බුවකටද? ඒ ගමේ මිනිස්සු එඬේරමුල්ල කියලාම භාවිතා කරන්න.
නිසාර් කියන විදියට "අක්බාර් ටවුන්" කියන්නේ මහනුවරටද?
අක්බාර් ටවුන් කියන්නේ දුම්රිය පොළ අසළ පිහිටි ‘‘අක්බාර්‘‘ නම ඇති මිනිසුන් පදිංචි වී සිටිය ප්‍රෙද්ශයකට...කොළඹ නගරසභාවේ සිටි අක්බාර් නැමති ප්‍රධාන ජල ඉංජිනේරුවා සිටියේ මේ ප්රෙද්ශයේය. 1990 දශකයේ ඔහු මිය ගියා..........
එකම තේරුමනම් මොන එකටද අරාබියෙන් නම දාන්නෙ? එඩේරමුල්ල කියලම තිබුනම ඉවරයිනෙ. මෙතන යන්නෙ වෙනම කතාවක්. මෙයාල අපේ රටේ මෙයාලගෙ ඉතිහාස ලියන්න හදනව.
මේක වෙනස් කරපු අයට දඩුවම් කිරීමට නියම කරමි..............
අක්බර් විනිශ්චයකාර තුමා මෙරටට සේවය කල අග්‍රගන්‍ය පුරවැසියෙක්. ජාතිවාදයට ඔහුගේ නම දැන්නුරුස්සන හැටි පේනවා. අබසරණ තමයි...........
මුස්ලිම් අය ඉගෙන ගන්නේ සිංහල ඉස්කෝලවල , කතා කරන්නේ දමිල බාසාව හැබැයි කඩේ යන්නේ අරාබි බාසාවට අනේ මන් දන්නේ නෑ.