කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
කොළඹ මහ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකත්වය නම් කළ ද , අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණ හෙට (20) සහ අනිද්දා (21) පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට නියමිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ රෝසි උඩින්ම දිනනවා
කතෝලික ජනතාව ලැබූ විශාල ජයක්!!!!!!!ජයවේවා!!!!!!!!!
මුස්ලිම් ඡන්ද නැතුව කොළඹ දිනන්න බැහැ. එකයි "සිංහල බෞද්ධ" කියන රටේ පවතින වර්තමාන යතාර්ථය.
ජයෙන් ජයම වේවා !!!
උණට (කොත්තමල්ලි නැතිව) පැරසිටමෝල් දුන්නා රෝසි..
ඔබතුමියට ජය ප්රාර්ථනා කරමි... !!!
මුස්ලිම් ඡන්ද නැතුව කොළඹ දිනන්න බෑ කියල නේද කියන්නේ?
කොළඹින්, එජාපෙන් පොල්පිත්තක් ඉදිරිපත් කළත් දිනනවා. එජාපෙ විපක්ෂේ ඉන්න කාලෙත් රෝසි පාර්ලිමේන්තුව නියෝජනය කළා. මුස්ලිම් ඡන්ද තිබුණත් නැතත් දැන් අනිවාර්යයෙන්ම දිනනවා. රෝසි එක්ක මුස්ලිම් ජාතිකයන්ගේ ආරවුලක් නැහැ.