(උපාලි ආනන්ද)
දින 12ක් වයසැති තම පිරිමි දරුවා රාත්‍රි කාලයේ තනිකර බෙහත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවිය සම්බන්ධයෙන් ලබන ජනවාරි 12 වැනිදා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද නියෝග කළේය.
සැකකාර වෛද්‍ය සිසුවිය විසින් අතහැර කෲරත්වයට පත් කර ඇති බව කියන දින 12 ක් වයසැති දරුවා සමිබන්ධයෙන් එදිනට පරිවාස වාර්තාවක් කැදවන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.
ජනවාරි මස 12 යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර වෛද්‍ය සිසුවියට නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටිනුයේ පොලොන්නරුව මැදිරිගිරියේ විසි දෙහැවිරිදි වෛද්‍ය සිසුවියකි.
දරුවා ප්‍රසූත කල මව සහ දරුවා සමිබන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැදවන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට මීට පෙර නියෝග කෙරුනු අතර එම නියෝගයට අනුව සැකකාර මව සහ දරුවා හෙදියකද සමග පොලිස් ආරක්ෂාව යටතේ කොළඔ බොරැල්ල ජින්ටෙක් ආයතනයට රැුගෙන ගොස් ඞී එන් ඒ වාර්තාවක් ලබා ගැනිණි. දරුවාගේ මව මෙම වෛද්‍ය පීඨ සරසවි සිසුවියක වන කාන්තාව බවට අදාල ඞී එන් ඒ පරික්ෂණයේදී සියයට සියයක්ම තහවුරු කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයට නිදහස් අධ්‍යාපනය හා වෛද්‍යවරියක් වීම තහනම් කල යුතුයි.
මෙහෙම වෛද්‍ය සිසුවියක් නැහැ කියල වෛද්‍ය විද්‍යාල වලින් කියලා තිබුණා. නැවතත් "වෛද්‍ය සිසුවියක්" කියලා කියනවා. මේක කවුරුහරි පැහැදිලි කරනවද?
වරද ඒකේ නොවේ. අපේ සමාජයේ එහෙම වුණු කෙනෙක් ගැන බලන දකින සලකන විදිහ වෙනස් කරන්න ඕනෑ. අපි තාම ඉන්නේ බොහොම ප්‍රාථමික තැනක. මේ සමාජය ඕක තේරුම් ගන්නකල් මහා මග ළමයි දලායයි.
ඕක තමයි කියන්නේ, අධ්‍යාපනය කියන්නේ එකක්, බුද්ධිය කියන්නේ තව එකක්. සමහරු හිතන්නේ දොස්තරලා කියන්නේ ලංකාවේ බුද්ධිමත්ම මනුස්සයෝ ටික කියලා.
ප්‍රශ්නේ තමන්ගේ වෙනකල් දාර්ශනික අදහස් පහළ වෙනවනේ. බබෙක් ලබෙන්න ආවම අනාරක්ෂිත සම්බන්ධතා ගැන හරි උපත් පාලනය ගැන හරි දේශන පවත්වලා වැඩක් නෑ. දැන් ඒක ආපස්සට හරවන්න බෑ නේ. පස්සේ මොකද කරන්නේ කියලා කතා කරන්න ඕනෑ. දැන් මේ වගේ දෙයක් වුණාම අදාල කාන්තාව මුලින්ම අරන් යන්නේ පොලිසියටනේ. ඒ පොලිසිය ඉස්සරහින්ම දරුවව බඩේ තියාගෙන දවස් කීයක් ගිහින් ඇතිද? හැබැයි තමන්ට තියෙන ප්‍රශ්නේ බයක් සැකක් නැතුව පොලීසියට ගිහින් කියන්න පුළුවන්ද? හරි නම් පොලිසියේ පැමිණිලි ලියා ගන්න වෙනම ස්ථානයක් තියෙන්න ඕන. එතන නිල ඇඳුම් ඇඳගත්ත පොලිසියේ අය කවුරුත් නැති වෙන්න ඕනෑ. කාන්තා අය සාරි ඇඳගෙන, පිරිමි අය කමිස, කලිසම් ඇඳගෙන පොඩි ළමයෙකුට වුණත් තනියම යන්න හිතෙන විදිහට පවත්වගෙන යන්න ඕනෑ. එහෙම වුණාම හැමෝම තමන්ගේ ප්‍රශ්න හිතේ තියන් ඉන්නේ නැතුව පොලීසියට ගිහින් කියයි. අනික ප්‍රශ්නෙට මුහුණ දුන්න පුද්ගලයාගේ පෞද්ගලිකත්වය අරක්ෂා වෙන්න ඕනෑ. ප්‍රශ්නයක් රටම දැනගත්තම මිනිස්සු තම තමන්ගේ අයව අරක්ෂා කර ගන්නව තමයි. හැබැයි ප්‍රශ්නෙට මුහුණ දුන්න පුද්ගලයා විනාශ වෙලා රටම හැදුණත් වැඩක් නෑ.
මෙතන කිසිම කෙනෙක් දාරුවාගේ තාත්තා ගැන කිසිම සදහනක්/අදහසක් පල කරල නැහැ. ඔක්කොම දෙස් දෙවොල් මාස දහයක් ළමයව බඩේ තියාගෙන අවමානයට සහ චෝදනා ලැබූ අැයට විතරයි. පොලීසියත් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති. ගෑනියෙකුට ඕපපාතිකව ළරමයි ලැබෙන්නේ නැහැනේ. ජාතක කරපු මිනිහ ඒ වැඩේ කරගෙන යන එක අහස පොලොව නුහුලන අපරාධයක් නෙවේද?