(ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව)
පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගරාවැටුණු චෛත්‍යය අඩි 15ක පමණ වට ප්‍රමාණයකින් යුත් එකක් වන අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් මේ ස්ථානය සොයාගැනීමෙන් පසුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක්ද සකස්කර තිබිණි.දින කීපයකට ඉහතදී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබූ මේ ස්ථානයට පෙරේදා (18) කඩාවැදුණු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍ර යොදාගෙන ගරාවැටුණු චෛත්‍යය සමතලා කොට තිබිණියැයි පොලිසිය කියයි. චෛත්‍ය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක් හමුවූ බවද පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම සඳහන් කර තිබිණි.
මෙම පුරාවිද්‍යා භූමිය ඩෝසර් යන්ත්‍ර යොදා සමතලා කර තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සාම්පූර් පොලිසිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මූතුර් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාත් නැගෙනහිර ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිසාපතිවරයාත් දැනුම්වත් කළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම නිලධාරින් කණ්ඩායමක් පිටත්කර යැවූ බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතා පැවැසීය. සාම්පූර් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහජීවනය දොරේ ගලනවා.. උතුරට ගිහින් දකුණේ මිනිස්සුන්ට බනින ජනාධිපති කෝ? දකුණේ කෝවිලකට මෙහෙම දෙයක් වුණානම් බලන්න තිබ්බා ජනාධිපති අගමැතිගේ ඉඳලා කට්ටියගේ උනන්දුව.
කරපු අය කව්ද කියලා හිතාගන්න පුළුවන්. මෙච්චර කාලයක් ඔය පලාත්වල බෞද්ධ ස්ථාන පොලවට සමතලා කරපු අයම තමයි..
කවුරුත් මුකුත් කියන්න එපා... සහජීවනයට බාධා වෙයි. ඕක තමයි කාලිංග මාඝත් කළේ... හැබැයි ඒ කාලේ රජවරු ඒ අයට කළ දේ අපි කවුරුත් දනිමු. ඒත් දුකට කරුණ නම් දැන් ඉන්න නායකයන්ගේ නිවට බවයි.
උත්සවයක් උත්සවයක් ගානේ සුදු රෙදි ඇඳගෙන දහම් පාසැල් ටෝක් දෙන මහ ලොක්කන්ගේ කොඳුනාරටිය පරීක්ෂා කිරීමක් මේක. සංහිඳියාවටත් ඇස්බැස්ටෝස්කරණය කරයි.
එ්කාබද්ධ විපක්ෂයේ වැඩක්....
මේක මහින්දගේ වැඩක්!. අපේ සංහිඳියාවට බාධා කරන්න කරපු වැඩක්නේ. අර සිරාගේ කොන්ද නැද්ද?
සිරාවටම සේනටත් බෑ! රතු-නිල් රනිල්ටත් බෑ! ආණ්ඩුවටත් බෑ!
දැන් මොනවා කරන්නද සොයා බලලා.. අපේ ඉතිහාසය පොලවට සමතල කරලා හමාරයි. සහජීවනයෙන් නැති වෙන්නේ සිංහලයාගේ උරුමය මිසක් අන් ජාතිකයන්ගේ නොවේ.. ඉදිරියේද සිංහල පෙලපොතෙන් ඉතිහාසය ඉවත් කෙරෙනු ඇත...
ජනවාරි 8දා ඡන්දෙ දීලා මේ අය බලයට පත් කරපු සිංහල අඳ බාලයින්ට හෙනම ගහන්න ඕනේ...
දහම්, මමත් ඔබ සමඟ එකඟයි !!
මේ දේවල් බයක් නැතුව කරන්න දේශපාලන බලය තියෙන්න ඕනේ. සිංහලයින්ට දේශපාලන නායකයන් නැහැ. නමුත් සුළු ජාතීන්ට දේශපාලන නායකයන් ඉන්නවා. ඒකයි වෙනස. සුළු ජාතීන්ගේ මව්රටවල් වලින් බලපෑම් එල්ලවන නිසා සිංහල යයි කියාගත් දේශපාලන නායකයන්ද නීතිය නමනමා ඉන්නවා. සුළු ජාතීන් ඔවුන් පැමිණි මව්රටවලට නැවත පදිංචි කිරීමට කාලය පැමිණ ඇත.