(අජන්ත කුමාර අගලකඩ)
මෙගාවෝට් 600 ක ධාරිතාවෙන් යුත් තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමේ යෝජනාවක් අද (19) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇත.
විශේෂ ව්ය්යාපෘති ඇමති ආචාර්ය සරත් අමුණුගම සහ පුනර්ජනනීය ඇමති රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ඒකාබද්ධ කැබිනටි සංදේශයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හදලා කෝටි ගණන් ඉන්ධන අපනයන කරන්න සල්ලි වැය කරනවට වඩා හොඳ නැද්ද සාමාන්‍ය ජනතාවට දරන්න පුළුවන් මිලකට සුර්ය විදුලිය ලබා ගන්න වැඩපිළිවෙලක් ඇති කරානම්.
ලංකාව වැනි කුඩා රටක පරිසර දූෂණය ඇතිකරන මෙවැනි දේ ඇතිකිරීමේ පරමාර්ථය වන්නේ මේවා ට අනුමැතිය දෙන අයගේම වාසි තකාමයි. අනාගත දියුණු ලෝකයේ උචිතම බලශක්ති නිපදවීමට ස්වභාවිකවම අපේ රටට හිරුඑළිය ලැබිලත් එයින් ප්‍රයෝජන ගන්නට නොහැකි වීමෙන්ම මේ රට පාලනය කරන අය නොහැකි, නොමැතිනම් කිසිම දැනුමක් නැති නිකම්ම නොහැකියාව පෙන්වන කොටසක් බව ඔප්පුකර පෙන්වීමක්....
ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යද්දී අපි පරිසර දූෂණයට අත දෙනවා. මෙතරම් පහසුවට ඉරු එළිය, සුළං බලය සහ වෙනත් විකල්ප බල ශක්ති තිබියදී අපි කොහෙද මේ යන්නේ?
ගල් අඟුරු බලාගාර වලින් පරිසරය රැකෙනවද? නොදන්නා නිසයි අහන්නේ...
හැම රටකම ගල්අඟුරු බලාගාර වහගෙන යන කාලේ ගල් අඟුරු වෙනුවට දැන්වත් සුර්යතාප, සුළං සහ එවැනි බලාගාර පිහිටුවන්න සුදානම් වෙන එක නේද හොඳ?
පරණ හොරුන්ට බැණ බැණ අලුත් නොරොච්චෝල කුණුගොඩවල් දෙකක් ජනතාවගේ ඔලුව උඩතියන්න හදනවා වාගෙයි. මේ දෙකෙන් කවුරු ජරාව කයිද දන්නේ නෑ.
තිබෙන වනාන්තර ටික රැකගෙන ගල් අඟුරු වලින් විදුලිය උත්පාදනය කිරීම තමයි රටේ ආර්ථිකයට හිතකර වන්නේ...
ලෝකයේ ගල් අඟුරු බලාගාර වසාදමමින් යනකලයක සිරිලකේ ඒවා ආරම්භ කිරීමට පටන් ගනී.
නීල හරිත ගල් අඟුරු වලින්ද දුවන්නේ ?
ගල් අඟුරු නම් පුනර්ජනනීය ගණයට වැටෙන්නේ නැහැ. නමුත් පුනර්ජනනීය ඇමතිගේ කොමිස් කුට්ටි නම් පුනර්ජනනීය වෙනවා ඇති.
කොමිස් වලට ගල් අඟුරු ගන්න පුළුවන්නේ .. මරු මරු
ඕකට තමයි කියන්නේ " තින්ක් ඩිෆරන්ට් " කියලා ලෝකෙම මේවා වහගෙන යනකොට අපි මේවා ආරම්භ කරමු. තව අවරුදු 10-15 ක් යනකොට මේවා තිබෙන්නේ අපේ රටේ පමණි. මේවා බලන්න සංචාරකයෝ ඒවි. එතකොට අර සීගිරියේ කරනවා වගේ ඩොලර් 30-40 ටිකට් ගහලා මේව පෙන්නලා හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන්...
මේවට වියදම් කරන මුදල් වියදම් කර ජනතාවට තම වහලය මත සවිකර ගැනීමට සහනාධාර ක්‍රමයට සූර්ය කෝෂ බෙදලා දුන්නා නම්, වාර්ෂිකව ගල් අඟුරු වලට වියදම් කරන මුදල ඉතුරු වන අතර පරිසරයත් ආරක්ෂා වේ.