අජන්ත කුමාර අගලකඩ
පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහා විසිනි.
චයිනා හාබර් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන සියයකි.
ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කෙරෙන අතර මාස 13ක් තුළ එය නිම කිරීමට අපේක්ෂා කෙරේ.
කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන කසළ දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණියේ සිට කොළඹට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහපාලනය කලේ හැමදේම මෝඩ කම් විතරයි. පහු ගිය රජය වරාය නගරය හදමින් සිටිය. මේ රජය එය නැවත අවුරුදු 3 කට පසු ආරම්භ කලා. මීතොටමුල්ල කුණු වලට ගොටභය සකස්කළ වැඩ පිලිවෙලම අවුරුදු 3 කට පසු නැවත පටන් ගන්නවා. මොලේ තියනේ එකෙක්වත් මේ රජයේ නෑ
ඔබගේ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න. කුණුගෙන යන්නේ කොළඹ සිට පුත්තලමට.
"කැලණියේ සිට කොළඹට" ද? එහෙම නැත්තම් "කැලණියේ සිට පුත්තලමට" ද?
මෙයා නිතරම ඡන්දය පාවිච්චි කරන කෙනෙක් වගෙයි.