(චන්දන ප්‍රනාන්දු )
බීමතින් අධික වේගයෙන් යතුරුපැදියක පැමිණි කාන්තාවක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කතකි.
යතුරුපැදිය නැවැත්වීමට සංඥා කලත් එය නොනවත්වා ධාවනය කිරිම නිසා ලුහුබැඳ ගොස් නවත්වා පරික්ෂා කිරිමේදී යතුරුපැදිකරු කාන්තාවක් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව හා යතුරුපැදිය පොලිස් බාරයට ගෙනවිත් කාන්තා පොලිස් නිළධාරින් ලවා පරික්ෂා කිරිමේදී බීමතින් සිට ඇති බව හෙළි වු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා, එහෙනම් ආයිත් ඒ පැත්තේ ගජ රාමෙට තැබෑරුම් තියෙනවා වගේ.
ඇන්ටි අරක්කු වලින් සප්පායම් වෙලා ඉන්න ඇති නේද?
ඔන්න කාන්තාවන් අපේක්ෂා කළ පිරිමින් හා සම තැන.
වෙන්නප්පුවේ මීගමුවේ අයට බේබදුකම සාමාන්‍ය දෙයකි.
දරුවන් නලවන දෑත මොන තරම් සුන්දරද ??? නමුත් අදවෙනකොට එම දෑතම අසෝබන වැඩවලට යොමුවීම මොන තරම් අසුන්දරද ??? කෙටියෙන් පවසනවානම් මත්පැන් නොමැතිව උත්සවක තිබේනම් එය උත්සවක් නොවන තරමට අප පිරිහී ඇත.
සමහර මැදිවියේ අය ඉන්නවා අනක් ගුණක් නැහැ. ගැහැණුකම පෙන්වන්නේ පොලීසියකට උසාවියකට ගියාම අනුකම්පාව ගන්න විතරයි. නැත්නම් හෙන චන්ඩි අක්කලා තමයි.