හර්ෂණ තුෂාර සිල්වා
ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් විය යුතු යැයි මෙරට සංචාරයක එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීහූ කොළඹදී අද (15) ප්‍රකාශ කළහ.
පොලිසිය විසින් කරන ලද අත්තනෝමතික රඳවාගැනීම් සහ වදහිංසා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු යැයි ද එම නිලධාරීහූ කීහ.
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී තිබෙන පැමිණිලි විමර්ශනය කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී එකසත් ජාතීන්ගේ
ක්‍රියාකාරී කණ්ඩායම වෙනුවෙන් එහි සාමාජික ඕසේ ග්වේරා ඉහත පිළිතුරු දුන්නේය.
පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීන් දින 11 ක කාලයක් මෙරට රැඳි සිටිමින් අත්තනෝමතික රඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවවේ පුද්ගලික නිදහස සඳහා වූ අයිතිය භුක්ති විඳීමේදී මුහුණ පාන්නට සිදුවන සැලකිය යුතු අභියෝග ආදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලීය.
මෙරට සංචාරයෙන් සොයාගන්නා කරුණු ඇතුළත් වාර්තාවක් මෙම කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ඡායාරූප ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොමිසම විතරක් නෙමෙයි සියලුම කොමිසන් සභා වලට 17 වෙනි සංසෝධනයේ සියලුම බලතල ලබාදිය යුතුටුයි ....!!!
මෙයාල රඟ දක්වන්නේ එල්.ටී.ටී.ඊ. මුදල්වලට ඒ අය දන්නවා ලංකාව මෝඩයි කියලා... ඇයි අපේ කෙලින් කතා කරන්න කෙනෙක් නැහැ. ඒ අයගේ සාධාරණයට ප්‍රශ්න ඉන්දියාවට ගිහින් කතා කරලා, තමිල්නාඩුවට ස්ථාන ගතකිරීමට කටයුතු කරන්න කියන්න ඇයි බැරි අපි ප්රජාතන්ත්රවාදී නිසාද? බම්බුව තමයි.
එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීන් ගෙන් අහන්න අපේ රටේ මොන කොමිසමද ශක්තිමත් කියලා. ඒ ගොල්ලෝ මහා බැංකු වංචාව හොයන්න පත්කරපු කොමිසමට අගමැති ගෙන්වලා කෙලින්ම ප්‍රශ්න කරන්න බැරිවූ බව කියවලා නැතුව ඇති. හැබැයි බිල් ක්ලින්ටන්, රිචඩ් නික්සන් වැනි අයත් උසාවි ගියානම් කොමිසමට ගොස් ප්‍රසිද්ධියේ කෙරෙන හරස් ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි රනිල් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීන්ට කවරෙක්ද? නමුත් 62ට නම් එයා කෙරුමා තමයි.
ඊයේ කොමදෝරු දසනායකගේ දුව මොවුන්ව හමුවීමට ගිය අවස්ථාවේදී මෙම නියෝජිතයින් ඇහුවේ එම පැමිණිල්ල එල්.ටී.ටී.ඊ. එකෙන්ද කියලයි. නමුත් ඇය තම පියා ඇතුළු ලංකාවේ රණවිරුවන් සම්බන්ධව යැයි කියූවිට ඔවුන් ඇගේ ලිපිය ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කලා. ඇය ශාලාවෙන් පිටව යනතුරු ඔවුන් නැවත එළියට පැමිණීම ප්‍රතික්ෂේප කලා. දැන් හොඳටම පැහැදිලියි නේද එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ මෙම නියෝජිතයින් එල්ටීටීඊ එකට කොපමණ පක්ෂග්‍රාහීද කියලා. 'ඔවුන්ට අවශ්‍ය රණවිරුවන්ට විරුද්ධ පැමිණිලි විතරයි'. ඔවුන් සිංහලයන්ගේ වචනයකටවත් ඇහුම්කන් දෙන්න කැමති නැහැ. මේ හේතුවම ඇති පක්ෂග්රාහී මොවුන්ව ලංකාවෙන් පන්නා දැමීමට. නමුත් අපේ නායකයොත් බලය හා මුදල් නිසා අපිටම ද්‍රෝහී වෙලා.
"ඊයේ කොමදෝරු දසනායකගේ දුව මොවුන්ව හමුවීමට ගිය අවස්ථාවේදී මෙම නියෝජිතයින් ඇහුවේ එම පැමිණිල්ල එල්.ටී.ටී.ඊ. එකෙන්ද කියලයි. " ඉතින් දසනායකගේ දුවට කටක් තිබුනේ නැද්ද කට ඇරලා කතා කරන්න... එහෙම කට ඇරලා කතා කරන්න බැරි අය ඔයවගේ වැඩට අත දාලා පල් වෙන්න වුවමනා නැත.
එතකොට ඇමෙරිකන් පොලිස්කාරයා කළු මිනිස්සුන්ට බල්ලන්ට වාගේ වෙඩිතියල මරණ එක ගැන මොකද මේ ගොල්ලෝ හිතන්නේ?
පොලිස් කොමිසමට දොස් කියන්න කළින් පොලිසිය බාර ඇමැතිලාට කොන්ද පණ නැහැනේ. ඉතින් පොලිස් කොමිසම ගැන අහන්න ඕනෑද?