ෂෙල්ටන් හෙට්ටිආරච්චි
රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවසීය.
නුවරඑළියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද පැවසීය.
“කැප්රා කියන කෘමියෙක් අපේ තේ තොගයකට ඇතුල් වෙලා. ඒ නිසා රුසියානු රජය අපේ තේ ගැනීම තාවකාලිකව නතර කරලා. මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි.
කෙසේ වෙතත් මේ ප්රශ්නය ඉතා ඉක්මනින් නිරාකරණය කරගන්න මේ පනවා ඇති තහනම ඉවත් කර ගන්න අපි සියලුම කටයුතු කරනවා. දැනටමත් රාජතාන්ත්‍රික මට්ටමින් අපි රුසියානු රජය සමග සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම තේ ක්ෂේත්රයේ සිටින ව්‍යාපාරිකයන්ට කුඩා තේ වතු හිමියන්ට අපි සහතික වෙනවා මෙම තේ ප්‍රශ්නයට ඉතාම ඉක්මනින් විසදුම් ලබා දෙන බවට.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ! ඔය කියන කෘමියාගේ පාස් පෝර්ට් එක පරික්ෂා කලා නම් කොයි වරායෙන්ද ඇතුල් වුණේ කියලා හොයා ගන්න පුළුවනි.
වැඩ නැහැ සොබනේ විතරයිනේ...
ඕක අපිට කියලා වැඩක් නැහැ. රුසියාවට ගිහිල්ලා එයාලට කියන්න.
වෙන වරායකින් යන්නේ කොහොමද? ඇසුරුම් කඩා ගෙනද? මේක කවුරුහරි හිතාමතා කරපු දෙයක්... එක්කෝ අදාළ කොම්පැණි ඒ එක්ක තියෙන තියෙන තරහට... නැතිනම් රටේ ආර්ථිකය බෙදලා දාන්න.
ජීඑස්පී ලබාගත්තා පමණයි... වැටුණා තවත් තොප්පියක්! කල්ලතෝනින් විදියටද වෙනත් වරායකින් මේ අය අපේම තේ කෝප්පයට ඇතුල් වුණේ? අනාරක්ෂිත විදියට පැක් කරපු නිසා ඇතුල් වුණා කියන එකයි රුසියානුවන් කියන්නේ. මේ අවාසනාවන්ත සිද්ධිය නිසා තේ නිෂ්පාදකයන් අනාගතයේදී මීට වඩා "පරෙස්සම්" නොවුනහොත්, අපේ තේ මිලදී ගන්නා අනෙකුත් රටවල් වුණත් අපේ තේ වලට සම්බාධක පනවන්න පුළුවන් !!
GSP ලබාගත්තා පමණයි...වැටුනා තවත් තොප්පියක් ! කල්ලතෝනින් විදියටද වෙනත් වරායකින් මුන් අපේම තේ කෝප්පයට ඇතුල් උනේ ? අනාරක්ෂිත විදියට පැක් කරපු නිසා උන් ඇතුල් වුණා කියන එකයි රුසියානුවන් කියන්නේ. මේ අවාසනාවන්ත සිද්දිය නිසා තේ නිෂ්පාදකයන් අනාගතයේදී මීට වඩා "පරෙස්සම්" නොවුනහොත්, අපේ තේ මිලදී ගන්නා අනෙකුත් රටවල් උනත් අපේ තේ වලට සම්භාදක පනවන්න පුළුවන් ! !
ඔය ගොන් කතා නොකර කුරුමිණි තේ ආපසු ගෙන්වා ඊ ලඟට හොඳ තේ තොගයක් යවන්න. මින් ඉදිරියට කුරුමිණියන් ඇතුළු තේ යවන්නේ නෑ කියා ගිවිසුමක් දෙන්න. නිකන් කට තිබ්බාට මෝඩ කතා කියවන්ට අවශ්‍යතාවයක් මෙතන නෑ.
මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි මේ දවස් වල කසල තේ රට පටවන එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ එකේ ප්‍රතිපලයක් තමා මේ
මහා බැංකුව කොල්ල කාපු කෘමියා ආවෙත් සිංගප්පුරු වරායෙන්. මොකද වීසා නොවෙයි පාස් පෝර්ට් වුනත් නැතුව ඕනෙම කුරු මිනියෙකුට හෝ ඌරු මීයෙකුට පහසුවෙන්ම ඇතුල්වෙන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව නිසයි
ඕවා කියලා රුසියාව ගොනාට අන්දන්න බැරිවේවි !!!
මෙහෙ බොරුවට ජනතාව අමතලා වැඩක් නැහැ.... ගිහින් රුසියාවට කියන්න. වැඩක් කරොත් අනාගන්න මේ ආණ්ඩුව දැන් හත්පොළේම ගාගෙන ඉවරයි.
මේ දේ වෙයි කියලා අපි කලින්ම දැනගෙන හිටියා. මොකද ලංකාවේ තේ අපනයනයේ බහුතර කොටස 90 දශකයෙන් පසුව එක්තරා ජන කොට්ටාශයක් අතට පත්වීමේ ප්‍රතිවිපාක තමයි මේ. අද වෙනකොට මේ අයගේ තේ අපනයනය විධිමත් කරන්න එස්.ටීඑෆ්. එක පවා දාන්න වෙලා තියෙන්නේ මේ නිසා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ තමයි මේ විනාශයේ ආරම්භ වුණේ එතුමාගේත් අනුග්‍රහයෙන්. එදා ලංකාවේ තිබුණු ලෝකයේ කීර්තිමත්ම බ්‍රිතාන්‍ය තේ අපනයන සමාගමක් වෙච්ච හැරිසන්ස් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ් සමාගමට පවා ලංකාවෙන් යන්න සිදු වුණා. මේකේ ප්‍රතිවිපාක ලැබෙන්නේ අපේ රටේ සුළුපරිමාණ තේ වැවිලිකරුවන්ට තව ඉස්සරහටයි.
මීලග නිවුස් එක. "රුසියානු සංචාරයෙන් පසුව ඇමති තුමා කුරුමිණියා තේකොල වලට ඇතුළු වුනු වරාය සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම සදහා රටවල් කීපයක සංචාරය කිරීමට නියමිත බව අමාත්‍ය කාර්යාලය පවසයි" කුරුමියන්ට ජය වේවා!!!