ක.ග කරුණාරත්න
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි 15 හැවිරිදි අයෙකු අද(16) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රණවන ආරච්චිලාගේ මලිත් රණවන නමැති පදියතලාව මාවිත්තාවෙල අංක 79 ලිපිනයේ පදිංචි කරුවෙකි. පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වගකීම දරන්නේ කව්ද? 15 හැවිරිදි යනු කුඩා දරුවෙකි. මගේ දැනුමේ හැටියට මෙම දරුවන් බන්ධනාගාර ගත කිරීමට නියෝග දුන් මහේස්ත්‍රාත්වරයා වගකිව යුතුයි.
ලංකාවේ නීතියේදී වයස 18 ට අඩු පුද්ගලයන් ළමයින් ලෙසයි සලකන්නේ.. එවැනි ළමයකු සාමාන්‍ය වැඩිහිටි රැඳෙවියන් සමග තේබීම එතරම් උචිත දෙයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම එල්ලිලා මැරුණද, වෙනත් දෙයක් වුණාද කියලා සොයා බැලිය යුතුයි. මෙයත් ළමා ආරක්ෂක අධිකාරියට වගකීමෙන් මිදිය නොහැකි අවස්ථාවක්... කරුණාකර මින් පසුවවත් ළමා සිරකරුවන් වෙන්කර තැබීමට බන්ධනාගාර බලධාරින් සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ළමුන්ට දඬුවම් නියම කිරීමක් නොව, සිදු වන්නේ පුනරුත්ථාපනයක් පමණි
බාල වයස් කාරයෙක් වන මොහු "අධිකරණ නියෝග මත" පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටියේ අනෙකුත් දරුණු අපරාධ සඳහා සිර දඬුවම් විඳින සිරකරුවන් සමගද? බාල වයස් කාර රැඳවියන් සඳහා වෙනම සිර මැදිරි අපේ රටේ නැද්ද? ගෙල වැලලා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මෙයා සොයා ගත්තේ කොහෙන්ද? නැත්නම් ගෙනැවිත් දුන්නේ කවුද ?
මෙවැනි බාල වයස් කරුවෙක් බන්ධනාගාරගත වුයේ කෙසේද? රටේ අධිකරණ ඇමතිවරිය මේ ගැන සොයා බැලිය යුතුයි.
පුනරුත්ථාපනය කරන්න තැනක් නැති රටක් . වයස 15 ක් ඇති ළමයෙක් හිරේට යවන්න තරම් නීතිය දන්නේ නැති උසාවි තමයි අපේ රටේ තිබෙන්නේ. පොලිසිවලත් දන්නේ නැතිද මේ වයසට ළමුන් පුනරුත්ථාපනය කරන්න ඕනැයි කියලා. මේකට වන්දි ගෙවන්න ඕනෑ උසාවිය සහ පොලිසියයි.
මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින මිනිසුන් පවතින හැම ආණ්ඩුවකම සුරතලුන් බවට පත් වූ විට පොලිසියේ ලොක්කොත් ඒ කුඩ්ඩන් යන වාහනයේ දිග පළල දුටුව ගමන්ම සැලියුට් ගහනවා. ඒ පාපතරයන් බෙදා හරින කුඩු ග්‍රෑම් එකක් ළඟ තබා ගත්තත් ඇති වයස ගැන නොතකාම රිමාන්ඩ් බාරයට පත් කරන්න. නීති පොතේ සඳහන් දඬුවමට එහා යන්න බැරි නිසා සචින් වාස් ට රු1000 ක දඩයක් ගැහුවා වගේම තමයි කුඩු ළඟ තබා ගත්තයි කිව්වහම වයස බලන්නෙත් නැතිව සිර භාරයට පත් කරනවා. සමස්ත පාලනයම අව නඩුවක් වී ඇති යුගයක බාල වයස්කාර රැඳවියෙකුගේ මරණය රටට දැනේවිද?