මැදගමින් කොරෝනා ආසාදිතයන් 14ක් මැදගම ගොඩිගමුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 14 දෙනකු හඳුනාගත් බව මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 14 March 2021
රම්බොඩදී අතුරුදන් වූ තරුණයා සොයාගනී කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයක සිටිය දී අතුරුදහන්වූ අනුරාධපුරයේ තරුණයා රම්බොඩ දිය ඇල්ල අසල ගල් තලාවක සිටිය දි අද උදැසන 10 ට පමණ සොයාගත් බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි. 14 March 2021
අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 March 2021
පොලිසියට ගිය අසාද් සාලි හිස් අතින් යයි මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිසියට එම සිද්ධියට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබීම නිසා ප්‍රකාශයක් සටහන් කර නොගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි . 14 March 2021
මෙවර උසස් පෙළ - ශිෂ්‍යත්ව කල් යන හැඩ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග අගෝස්තු මස නොපැවැත්වීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 14 March 2021
කොරෝනා සිරුරු 45ක් භූමදානය කළා - යුදහමුදාපති රෝහල් රැසක තබා තිබූ කොවිඩ් මළ සිරුරු 45 ක් මේ වනවිට භූමදානය කර අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 March 2021
“නොලිස්සන පාපිස්ස”අලෙවිය තහනම් චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නතර කිරීමට පියවර ගන්නා ලෙස චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.. 14 March 2021
තේ වගාකරුවන්ට අත දෙයි තේ වගාකරුවන් සඳහා ලබා දෙන සහනාධාර මුදල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. 14 March 2021
පාස්කු විවාදය තව දිග්ගැස්සේ පාස්කු කොමිසන් සභා වාර්තාව පිළිබඳ විවාදය තවත් දිනක දෙකක් පැවැත්වීමට තීරණය කර ඇත. 13 March 2021
සාපෙළ සිසුහු 16ක් විභාග ශාලාධිපතිට එරෙහිව කොමසාරිස්ට දුක කියති මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර විෂය පැවති දින විභාග ශාලාධිපතිවරයා තමන්ට අවශ්‍ය පහසුකම් සැපයූවේ නැතැයි කියමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානයක සිසුන් සිසුන් 16 දෙනෙක් විභාග කොමසාරිස් වරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇත. 13 March 2021
මෝදිගෙන් ගෝඨාට දුරකතන ඇමතුමක් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක නිරත වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි 13 March 2021
අසාද් සාලිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අහ් මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රියත් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා පැවසීය. 13 March 2021
මන්ත්‍රී එම්.එච්.ඒ හලීම්ට කොරෝනා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ හලීම් මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත. 13 March 2021
බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 13 March 2021
බූස්ස බන්ධනාගාරයේ 46කට කොරෝනා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි බැව බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 13 March 2021
ඕමානයට කතුන් විකිණු කතට වැඩ වරදී ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා තරුණ කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය කියයි. 13 March 2021
ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි. 13 March 2021
ජමාතෙයි සභාපති අත්අඩංගුවට ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත පැතිර වූවැයි ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 13 March 2021
කතට කුඩු හංගන්න බැරි වෙයි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් ගෝනපොල විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 March 2021
අපේ ධජය පාපිස්සකට ගැනීම ගැන පසු විපරමක් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර ’’ශ්‍රී ලංකා ෆ්ලැග් නන් -ස්ලිප් ඩෝ මැට්’’ ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව සුප්කරට ’’ඇමසෝන් . වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ පිළිබඳ පසු විපරමක් සිදු කරන්නැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇමෙරිකාවේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යංශය කියා සිටී. 13 March 2021
රටින් එන අය ගෙදරම නිරෝධායනයට කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත. 13 March 2021
කොදෙව් පිලට කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය. 13 March 2021
කොච්චියේ නිදාගෙන යන්න දැන් පුළුවන් රාත්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරි වෙන්කිරීම යළි ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2021
කොරෝනා ආසාදිතයන් 115 කොවිඩ්-19 ආසාදිතයින් තවත් 115දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 12 March 2021
හිජාස් හිස්බුල්ලාට නඩු පවරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්ලම මද්රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවැරිය. 12 March 2021
මීළඟ ජනපතිවරණයට බැසිල් සුදුසුයි-ඇමැති ලොකුගේ මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (12) පැවසීය. 12 March 2021
දකුණු අප්‍රිකාවේ විකෘත වයිරසය මෙරටත් දකුණු අපිකාවේ පැතිර යන කෝවිඩ් විකෘති ප්‍රභේදය ආසාදිත රෝගියකු ප්‍රථම වරට සොයාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා ශෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 12 March 2021
ශ්‍රී ලංකා ධජයට අගෞරව කළ අයට දඩුවම් දෙනවා-ඇමති ලසන්ත ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි 12 March 2021
සීනි බද්ද අඩු කිරීමෙන් පාඩුවක් වී නැහැ සීනි ආනයනය කිරීමේදී අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නැතැයි මුදල් අමාතයංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. 12 March 2021
විමල්ගේ ප්‍රකාශයට කවින්ද සීඅයිඩීයට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉකුත්දා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 12 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026