
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහියංගනය රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්‍රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට එරෙහිව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමසලකා බැලීම සඳහා ජූලි මස 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (03) කැදවිණි.
එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජූලි මස 13 වනදා සිදුකිරීමට ද නියම කළේය.
මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ වැදි ජනතාවට අයත් පාරම්පරික ඉඩම් අත්පත්කර ගැනීමක් සිදුවී නොමැති බවය.
කෙසේ වෙතත් මෙලෙස පවරාගැනීමට සූදානම් වන ඉඩම් පිළිබඳ විස්තර ඇතුළත් සිතියමක් අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියෝග කර තිබුණි.
එම සිතියම සකස් කර ඉදිරිපත්කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ද වගඋත්තරකාර පාර්ශවය අධිකරණය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්නියලැත්තන් වෙනුවෙන් සුබවාදී තීරණයක් ලැබේවායි පතමි. හැමදාම ඔවුන් පීඩාවට පත් වූවා පමණයි.
අලුත් සිතියමක් සකස් කරන්ඩ දවසින් පුළුවන්ලු මාරයිනේ.?