
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා අවදානම හේතුවෙන් රටේ මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (4 ) පැවැත්වීමට නියමිතය .
විවාදය අද පෙරවරු 11ට ආරම්භ වී පස්වරු 5.30දක්වා පැවැත්වෙනු ඇත .
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික සමගි බලවේගය විසිනි .
මේ අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්ද සුරාබදු ආඥා පනත යටතේ නියෝග හතරක්ද වැට් බදු පනත හා දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතද මැති සබයේදී අද පෙරවරුවේ සම්මත කර කරගැනීමට නියමිතය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න ද මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීමේ වාරයද නොමැතිව මැතිසබයේ කටයුතු අද පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අතර කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය මැතිසබයේදී අනිද්දා (5) දවස පුරා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට්ටු හිනස්සන වැඩ තමයි මේකේ වෙන්නේ. විවාද කර කර ඉන්න.
ඔකට වාද කරල වැඩක් නැහැ. කවුරුත් එකතු වෙලා කුහක කම් බලලෝභය පැත්ත තියල වැඩ කරනව මිසක්.
හොඳ කුණුහරුප ටිකක් අහගන්න පුළුවන් වෙයි.
පොර කුකුල්ලු වගේ මරා නොගෙන කොරෝන වලට පිලියමක් හොයන්න. මහජන නියෝජිතයෝ කියන්නේ රටේ ප්‍රශ්න විසඳන අයයි.