සිසුන් පැමිණීම සාර්ථකයි පාසල් ආරම්භ කළ අද (15) රට පුරා සිසුන්ගේ පැමිණීම සියයට 73ක්ව පැවැති අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 86ක් ලෙස සටහන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 15 March 2021
කසල ගොඩේ ගින්න පන්තිකාමර දෙකක් අළු කරයි පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 15 March 2021
කළුතර කහඉරමතදී හතරක් බසයක ගැටෙයි කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කුඩා දරු දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බසයක ගැටී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය කියයි . 15 March 2021
සිල් රෙදි ඇපෑලේ තින්දුව කියවයි 2015 ජනාධිපතිවරණ අවස්ථාවේ මැතිවරණයට බලපෑමක් විය හැකි ආකාරයට එක් මැතිවරණ අපෙක්ෂකයකුට වාසි වන අන්දමින් සිල් රෙදි බෙදා දුන්නෙැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුනට මහාධිකරණය නියම කළ දැඩවම් අභියාචනාධිකරණය විසින් ඉවත දමා ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේය. 15 March 2021
ඉඩම් නඩුවෙන් වාස් නිදහස් අන් අයකුට අයත් රුපියල් කෝටි හතක් පමණ වටිනා මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩකමක් ව්‍යාජ ඔප්පු මගින් අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන , ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි. 15 March 2021
මූලික විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන්න: ක්‍රීඩා ඇමැතිට - ක්‍රිකට් ආයතනයට උසාවිය කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩයකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන ජුනි 08 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි ව 15 March 2021
සජබ පළමු මහ සමුළුව අද හයිඩ් පිටියේදී සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඞ් පිටියේදී අද පස්වරු 2.30 ට ආරම්භවේ. 15 March 2021
කොහුවල පිළිස්සුණු සිරුර හඳුනා ගැනෙයි කොහුවල ආසිරි මාවතේ දී මෝටර් රථයක් තුළ තිබී සොයාගත් පිළිස්සුනු මළසිරුර කළුබෝවිල භාතිය මාවතේ 33 හැවිරිදි ව්‍යාපාරිකයා බවට ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 15 March 2021
ගුවන් යානා එන්ජිමක් නිර්මාණය කළ අපේ හපන්නු ගුවන්යානාවලට යොදා ගැනෙන ගෑස් ටර්බයින එන්ජිමක් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව නිපදවා තිබේ. 15 March 2021
ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ ගින්නට නිවාස 50 බිලි ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ දී අද අලුයම ඇති ගින්නෙන් එහි පැල්පත් නිවාස 50 පමණ විනාශ වී ඇති බව ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි. 15 March 2021
මත් ජාවාරමා අන්තවාදයටත් උදව් කරලා-අජිත් රෝහණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු අන්තවාදී සංවිධානයක් වෙත විශාල වශයෙන් මුදල් බැර කර ඇති බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 15 March 2021
ගම්පහ පාසල් සිසුනට සෞඛ්‍ය අංශයෙන් උපදෙස් ගම්පහ දිස්ත්‍රික්කයේ අද ආරම්භ වන පාසල්වල සිසුන් සෞඛ්‍ය අංශ හඳුන්වාදි ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට වගබලා ගත යුතු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියයි. 15 March 2021
ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය. 15 March 2021
රාජකාරියට යන නිලධාරිනට රජයෙන් සහනයක් ශ්‍රී ලාංකික නිලධාරින් හා මෙරට රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශිකයන් රාජ්‍ය ව්‍යාපාරික හා නිල රාජකාරි කටයුතු සඳහා වෙනත් රටවලට ගොස් පැය 96කට අඩු කාලයකදී ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන්නේ නම් ඒ අයට නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණීමට සෞඛ්‍ය බලධාරින් අවසරදි ඇතැයි කෝවිඩි-19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 15 March 2021
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකසනවා-ඇමැති බන්දුල නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 15 March 2021
වසර 6ට ප්ලාස්ටි කිලෝ කෝටි 335ක් ගෙනල්ලා මෙරටට පසුගිය 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වසර හයේදී ප්ලාස්ටික් කිලෝ කෝටි 335කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 18405 වැඩි මුදලක් වැය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු හෙළි වී ඇත. 15 March 2021
බාධා ඉවත් කර පළාත් සභා ඡන්දය ළඟදීම-ජනපති පවතින බාධා ඉවත් කරගෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 14 March 2021
මට ඉල්ලා අස්වන්නැයි ඇමති දැනුම් දී නෑ-ජගත් වික්‍රමසිංහ තමන්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි. 14 March 2021
විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන් ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියකු මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 14 March 2021
අපටත් කොරෝනා එන්නත ඕනා:නැතිනම් බස් නෑ-ගැමුණු කියයි කෝවිඩ් - 19 එන්නත පෞද්ගලික බස් රථ සේවකයිනට සති දෙකකදී ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 14 March 2021
බෞද්ධයනට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි-අගමැති බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. 14 March 2021
ෆෙස්බුක් සාදයක් වටලා 11ක් අල්ලයි නිරෝධායන නීති නොසලකා හරිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 14 March 2021
වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් ගෑස් පෙන්නයි වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස්වල හිඟයක් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති. 14 March 2021
වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් පාලම් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින රථවවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම්, උමං පදික මාරු, ගුවන් පදික මාරු ඉදිකිරීමේ විශේෂ වැඩපිළිවලක් මේ වසර තුළ ක්‍රියාත්මක කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 March 2021
අන්තරේ විරෝධතාවක් නාවල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් නාවල විවෘත විශ්වවිද්‍යාලයීය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිතර වූහ. 14 March 2021
කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහිදි මැරිලා සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී හෘද රෝගයකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 14 March 2021
‘‘කෲඩියා සිලනිකා‘‘ ගම්පහ මල්වත්තෙන් මතුවෙයි ‘‘කෲඩියා සිලනිකා‘‘ (පඩු කරඳ) වර්ගයේ විශාල ගසක් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති බව එහි සහකාර අධ්යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය කීවාය. 14 March 2021
පාසල් හෙට ඇරැඹන්නේ මෙහෙමයි බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරදි හෙට සිට විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 14 March 2021
මොරවක නගරය අවදානම්-සෞඛ්‍ය අංශ මොරවක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු හඳුනාගත් බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හර්ෂ ලුණුවිල මහතා කියයි. 14 March 2021
එතෙර සිට එන අයගේ නිරෝධායන කාලය අඩුවන ලකුණු විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය විය යුතු දින ගණන හතක් දක්වා අඩු කිරීමට අනුමැතිය දෙන්නැයි සෞඛ්‍ය අංශ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව කෝවිඩ් -19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 March 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026