
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අනවසර සංක‍්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාරවලදී මෙම ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් හඳුනාගත හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත‍්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර තිබේ.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාව දෙසට සංක‍්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඞ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක‍්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද නාවික හමුදාව එම නිවේදනයෙන් සදහන් කර ඇත.
(ඡායාරූප: රොමේෂ් මධුසංඛ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකම්පා, භූමිකම්පා එපා... වෙඩි තියන්න තියෙන්නේ... නැතිනම් උන් රෑ වුණාම ආයේ එනවා දෙකක් නෑ.