මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවාට වැඩ වරදී කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි. 11 April 2021
අධිවේගයේ සෙල්ලම් දැමූ හතරක් සොයයි මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 April 2021
කොරෝනා යාපනයට තහංචි දමයි යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල්, උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලකව නවතා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසයි. 11 April 2021
‘‘ඇන්ටිජන් කරන තැන් කියන්නේ නෑ‘‘ සිංහල - හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා කොළඹ සිට ගම්බ්ම් බලා යන ජනතාව පිවිසුම් මාර්ගවලදී අහඹු අයුරින් ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණවලට යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 11 April 2021
ගුවන් සෙබළෙක් මුහුදෙත් දස්කම් පායි ගුවන් හමුදා නායක ගුවන් භට රොෂාන් අබේසුරන්දර, තලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා ආපසු ඌරුතොට ජැටි පිහිනීමෙන් නව ආසියානු පිහිනුම් වර්තාවක් පිහිටුවීමට අද (11) පෙරවරුවේ සමත් විය. 11 April 2021
ඉංග්‍රීසි ගුරාගෙන් අමුතු පාඩමක් මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක කාමරයක් තුළදී 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ බව කියන ගුරුවරයකු අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. 11 April 2021
මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ දිවි මඬලෙන් සමුගනී මහරගම අපෙක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය. 11 April 2021
කොරෝනා නීතිවලට පිටුපාන්නන් අල්ලන් යයි උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බනධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසී ය . 11 April 2021
මත්කුඩු සමග අයෙක් දැලේ හෙරොයින්,අයිස් මත්ද්‍රව්‍ය සමඟ රුපියල් ලක්ෂ 10 ක මුදලක් සන්තකේ තබාගෙන සිටී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයෙක් වත්තල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 April 2021
විදේශ සේවයට බඳවා ගැනීමේ ගැසට්ටුව එළියට ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 10 April 2021
බී.ඩී.කොළ පන්නන්න බැරි වේ බීඩි කොළ සහිත උර විසි දෙකක් සහ කරදමුංගු සහිත උරයක් සමග සැකකරුවන් හය දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නෞකාවට අයත් නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූහ. 10 April 2021
සඳුදා නිවාඩු වුවත් ආර්.එම්.වී.එක වැඩ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 10 April 2021
අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් 109 ක ’’ඇෆ්ලටොක්සීන්’’ පිළිකා කාරකය නැහැ පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙළඳපොළෙන් අහඹු ලෙස ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 109 ක ’ඇෆ්ලටොක්සීන්’ පිළිකා කාරකය අඩංගු නොවන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිළධාරියෙකු පැවසීය. 10 April 2021
තවත් පොල්තෙල් තොගයක ’’ඇෆ්ලටොක්සීන්’’ නැමැති පිළිකා කාරකය ’’ඇෆ්ලටොක්සීන්’’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික ආනයනික සමගමකින් ආනයනය කළ තවත් පොල්තෙල් තොගයක, ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තත්ත්ව පරීක්ෂාවෙන් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) පැවැසීය. 10 April 2021
අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් බෝනස් සමෘද්ධි ලාභි පවුල්වලට සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලාබදිමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 10 April 2021
හැත්තෑවේ සීයා ළඟ අයිස් කිලෝ එකක් අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමඟ පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2021
නවසීලන්ත - ශ්‍රී ලංකා සබඳතා තව තරවේ මේ වසර අගදී නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි 10 April 2021
පාර හරස් කර අවුරුදු පොළක් පොලොන්නරුව නගරයේ පවත්වනු ලබන වෙළඳ ප්‍රදර්ශණයක් සඳහා පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ හරි අඩක්ම අවහිර කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බව මහජනතාව කියා සිටිති. 10 April 2021
බිරිය මරා ඇඳයට සඟවලා බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇදට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 10 April 2021
රැඳවිය දරුවාගේ පැම්පසයේ දුම්කොළ සඟවලා දෙහැවිරිදි සිය පිරිමි දරුවාගේ පැම්පසයේ දුම් කොළ කැබලි කිහිපයක් සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට තැත් කළ රැඳවී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 10 April 2021
අද දවසේ වැසි තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2021
නිශාන්ත වෙනුවට රොහාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථානය අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. 10 April 2021
අවුරුදු සමයේ විශේෂ මෙහෙයුම් අවුරුදු සමයේ කෝවිඩ් රෝගය පැතිර යාම වළක්වා ගැනීම සහ රිය අනතුරු වලක්වා ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 10 April 2021
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ දේපොළ රාජසන්තක කරනවා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට දඩුවම් දී ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත්වීරසේකර මහතා කීවේය. 09 April 2021
පළාත් පාලන ක්රමයේ අලුත් වෙනස්වීම් ගැන පැෆරල් කියයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි. 09 April 2021
ඡන්ද අයිතිය ගැන නව පනත් කෙටුම්පතක් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීතී හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 09 April 2021
අලි, කැබිනට් පත්‍රිකාවකට එරෙහිව පෙත්සමක් නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත . 09 April 2021
ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන්නැයි ඉල්ලති ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 09 මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය. 09 April 2021
‘‘දිනාගත් කිරුළ භාරදීමට කාලය එළඹ තිබෙනවා‘‘ තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමි වුවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යළි භාරදීමට කාලය එළඹ ඇතැයි තමන් දන්නා බව වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය පවසයි. 09 April 2021
පළාත් සභා අලුත් යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක විරෝධය පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත. 09 April 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026